උත්පත්ති 13:14-18

උත්පත්ති 13:14-18 SCV

ආබ්‍රම් වෙතින් ලොත් වෙන් ව ගිය පසු, ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබගේ නෙත් ඔසවා, ඔබ සිටින තැන සිට උතුර හා දකුණ ද නැගෙනහිර හා බටහිර ද දෙස බලන්න. ඔබ දකින මුළු මහත් දේශය ඔබටත්, ඔබෙන් පැවතෙන ඔබේ වංශයටත් මම සදහට ම දෙන්නෙමි. මම ඔබේ වංශය පොළොවේ දූලි මෙන් වැඩි කරන්නෙමි. යමකුට පොළොවේ දූලි ගැණිය හැකි වේ නම්, ඔබේ වංශයත් ගැණිය හැකි වනු ඇත. යන්න! දේශය දිගටත්, හරහටත් ඇවිදින්න. මන්ද මම එය ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් ආබ්‍රම් තම කූඩාරම ඉවත් කොට, හෙබ්‍රොන්හි මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලට අවුත්, පදිංචි විය. එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු ඉදි කළේ ය.

උත්පත්ති 13:14-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය