උත්පත්ති 11:4-6

උත්පත්ති 11:4-6 SCV

එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ. එවිට මිනිසුන් ගොඩ නගන නගරය හා කොත බලන පිණිස ස්වාමින්වහන්සේ බැස ආ සේක. ස්වාමින්වහන්සේ කතා කොට, “බලන්න! එක් බසක් කතා කරන එක ම ජනතාවක් වශයෙන් පටන් ගැන්මට මොවුන් මේ තරම් දෙයක් කරයි නම්, අරමුණු කරන කවරක් වුව ඔවුනට කළ නො හැකි නො වේ.