උත්පත්ති 11:27-30
උත්පත්ති 11:27-30 SCV
තේරාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය; තේරා, ආබ්‍රම්ගේ ද නාහෝර්ගේ ද හරාන්ගේ ද පියා විය. හරාන්, ලොත්ගේ පියා විය. තම පියා වූ තේරා ජීවත් ව සිටියදී ම හරාන්, තම උපන් බිමෙහි, කල්දිවරුන්ගේ ඌර් පුරයේදී මිය ගියේ ය. ආබ්‍රම් හා නාහෝර් භාර්යාවන් ආවාහ කර ගත්හ. ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයි ය. නාහෝර්ගේ භාර්යාවගේ නම මිල්කා ය. ඈ හරාන්ගේ දුවක වූවා ය. හරාන්, මිල්කාගේත්, ඉස්කාගේත් පියා ය. වඳ ස්ත්‍රියක වූ සාරයි දරුවන් නො ලද්දී ය.

