උත්පත්ති 10:1-5
උත්පත්ති 10:1-5 SCV
නෝවාගේ පුතුන් වූ ෂේම්, හාම් හා යාෆෙත්ගේ පෙළපත මෙසේ ය. ජලගැල්මෙන් ඉක්බිති ඔවුන්ට ද පුත්තු උපන්හ. යාෆෙත්ගේ පුත්‍රයෝ: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තුබල්, මෙෂෙක් හා තීරාස්. ගොමෙර්ගේ පුත්‍රයෝ: අෂ්කෙනස්, රීෆත් හා තොගර්මා. යාවාන්ගේ පුත්‍රයෝ: එලීෂා, තර්ෂිෂ්, කිත්තීම්වරු හා දොදානීම්වරු. තම ජාතීන් ඇතුළත තමන්ගේ ම භාෂාවක් සහිත ව පෙළපත් වශයෙන් තම තමන්ගේ දේශවලට මුහුදුබඩ හා දූපත් ජනයා පැතිර ගියේ මොවුන්ගෙනි.

