උත්පත්ති 1:29-31

උත්පත්ති 1:29-31 SCV

දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ, තමන්වහන්සේ විසින් මවා තිබූ සියල්ල නැරඹූ සේක්, එය ඉතා හොඳ බව දුටු සේක. සවස විය; උදය විය. ඒ සවැනි දවස ය.