මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්, පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, පොළොව පුරා පැතිරී, එය යටත් කර ගන්න. මුහුදේ මසුන් ද අහස් පක්ෂීන් ද පොළොව පිට ඇදෙන පණ ඇතියවුන් ද පාලනය කරන්නැ” යි කී සේක. දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය.
උත්පත්ති 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 1:27-30
8 දින
ඒ සියල්ල ආරම්භ වූයේ කෙසේද? අපි කොහෙන්ද ආවේ? ලෝකයේ මෙතරම් දුක්ඛිත තත්වයන් පවතින්නේ ඇයි? බලාපොරොත්තුවක් තිබේද? මරණයෙන් පසු ජීවිතයක් තිබේද? ලෝකයේ මෙම සැබෑ ඉතිහාසය කියවන විට පිළිතුරු සොයා ගන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ