උත්පත්ති 1:14-19

උත්පත්ති 1:14-19 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “දහවල හා රැය වෙන් කරන පිණිස, අහස් කුස ආලෝක වස්තු පිහිටනු; ඒවා සෘතු ද දවස් හා අවුරුදු ද හඟවන ලකුණු වෙත්වා! ඒවා පොළොවට එළිය දීමට අහස් කුස ආලෝක වස්තු වෙත්වා!” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක වස්තු දෙක සෑදූ සේක. විසල් ආලෝක වස්තුව දහවල මෙහෙයවීම සඳහා ය. කුඩා ආලෝක වස්තුව රැය මෙහෙයවීම සඳහා ය. උන්වහන්සේ තාරකා ද සෑදූ සේක. දෙවියන්වහන්සේ මෙම ආලෝක වස්තු අහස් කුස ස්ථාපන කළේ, පොළොවට ආලෝකය දීමටත්, දහවල හා රාත්‍රිය මෙහෙය වීමටත්, අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීමටත් ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. සවස විය; උදය විය. ඒ සිවු වන දවස ය.