උත්පත්ති 1:14-18
උත්පත්ති 1:14-18 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ, “දහවල හා රැය වෙන් කරන පිණිස, අහස් කුස ආලෝක වස්තු පිහිටනු; ඒවා සෘතු ද දවස් හා අවුරුදු ද හඟවන ලකුණු වෙත්වා! ඒවා පොළොවට එළිය දීමට අහස් කුස ආලෝක වස්තු වෙත්වා!” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක වස්තු දෙක සෑදූ සේක. විසල් ආලෝක වස්තුව දහවල මෙහෙයවීම සඳහා ය. කුඩා ආලෝක වස්තුව රැය මෙහෙයවීම සඳහා ය. උන්වහන්සේ තාරකා ද සෑදූ සේක. දෙවියන්වහන්සේ මෙම ආලෝක වස්තු අහස් කුස ස්ථාපන කළේ, පොළොවට ආලෝකය දීමටත්, දහවල හා රාත්‍රිය මෙහෙය වීමටත්, අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීමටත් ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.


