ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල් ව සිටීමට ය. එබැවින් ස්ථාවර ව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න. බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබ ම ඉඩ දෙනවා නම්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඇති ප්‍රයෝජනයක් නැත කියායි. යළිත් මා ඔබට සහතික කොට කියන්නේ, තමන් චර්මඡේද කරවා ගන්නා හැම මිනිසකු ම, සමස්ත ව්‍යවස්ථාව පිළිපැදීමේ බැඳීමකට යටත් බවයි. ව්‍යවස්ථාව මගින් දමිටු කරනු ලබන්නට කැමති ඔබ, ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පිට මං කරනු ලැබ, අනුග්‍රහයෙන් වැටී ගියහු ය. මන්ද ආත්මයාණන්වහන්සේ තුළින්, ඇදහිල්ලෙන්, අප ලැදියාවෙන් බලා හිඳින්නේ, ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවයි. මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය. ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද? මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ. “මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටිය ම පිපෙයි.” මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත. සහෝදරයිනි, මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි. ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන් ම නපුංසක බව තෙක් කප්පාදු කර ගන්නවා නම් මැනවි. මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න. මන්ද: “ඔබ ඔබට ම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත ව්‍යවස්ථාව ම ඉෂ්ට වෙයි.
ගලාති 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගලාති 5:1-14
3 Days
Do you have a coffee or food menu item that you want to prepare a specific way? And then little patience if it's not? The theme of these guided audio meditations is serving and will perhaps help turn the tables. It will help you find your humanity by first learning to help others. Finding the freedom to serve and lighten the burden of another.
3 days
Vance K. Jackson leads readers in this yoke-breaking, generation transforming devotional. The thief wants to steal your harvest and everything that God has prepared for you. Satan wishes to steal your joy and your peace. Satan desires to sift you as wheat and to distract you from pursuing your God-given destiny. Christ came to set you free. Be free from every generational bondage as you read this life-transforming message.
Share this College Devotional with others as Vance K. Jackson leads readers in this life-transforming devotional. Once you hear the Gospel of Jesus Christ, it becomes your choice to believe that Jesus Christ is Lord. It is your choice to declare openly with your mouth that He is your Savior. The Gospel is simple. Let God lead your heart as you read this Gospel packed message.
Share this College Devotional with others as Vance K. Jackson leads readers in this life-changing message. Your journey is a marathon and not a sprint. Run your race at your pace. Choose to surrender to God, and let Him lead your course, for He is the One who Called you. Don’t look to the left or to the right. Choose to focus forward. Choose to run your race with Christ.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ