ගලාති 3:19-26

ගලාති 3:19-26 SCV

එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මගිනි. මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක් කෙනෙක් ම ය. එසේ නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින් ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන් ම ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ආ හැකි ව තිබිණි. එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක් ම පාපය යටතේ සිරකර තැබී ය. ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි ව්‍යවස්ථාව යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු. මෙසේ ඇදහිල්ල මගින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මග පෙන්වන භාරකරුවා වූයේ ව්‍යවස්ථාවයි. එහෙත් දැන් ඇදහිල්ල පැමිණ ඇති බැවින්, තවදුරටත් අප භාරකරුවකු යටතේ නො වේ. මන්ද ඔබ හැම ඇදහිල්ල මගින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.

ගලාති 3:19-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය