එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක. පොරොන්දු පවසන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. “ඔහුගේ වංශ” යනුවෙන් බොහෝ දෙනකු යන අරුතින් නො ව, එක් කෙනකු යන අරුතින් “ඔබේ වංශයට” යනුවෙනි. ඒ ක්‍රිස්තුස්වහන්සේ ය. මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි ව්‍යවස්ථාව මගින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභ කළ නො හැකි බවයි. මන්ද උරුමය එන්නේ ව්‍යවස්ථාව මගින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි. එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මගිනි. මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක් කෙනෙක් ම ය. එසේ නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින් ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන් ම ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ආ හැකි ව තිබිණි. එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක් ම පාපය යටතේ සිරකර තැබී ය. ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි ව්‍යවස්ථාව යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු. මෙසේ ඇදහිල්ල මගින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මග පෙන්වන භාරකරුවා වූයේ ව්‍යවස්ථාවයි. එහෙත් දැන් ඇදහිල්ල පැමිණ ඇති බැවින්, තවදුරටත් අප භාරකරුවකු යටතේ නො වේ. මන්ද ඔබ හැම ඇදහිල්ල මගින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය. මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක් ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ. එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක් කෙනෙකි. ඔබ, ක්‍රිස්තුස්වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශය ය. පොරොන්දුවට අනුව උරුමකරුවෝ ය.
ගලාති 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගලාති 3:15-29
4 Days
This plan will explore what the letter of Galatians teaches us in four major areas. 1) WHO GOD IS: God’s character and nature 2) WHO WE ARE: the identity of humanity and/or believers 3) WHAT WE BELIEVE: core Christian doctrines 4) HOW WE LIVE: putting faith into action
5 Days
One of the reasons God gave us the stories of Abraham in the Bible is so that we can understand what faith is like. Just like Abraham, we will go through experiences in life where we think there is no way out, no answer, no escape, no solution. But like Abraham, we are to trust the Lord. He has given us promises, and we are simply to believe them.
Faithfulness is one of the most reassuring attributes about God. Yet when we are feeling spiritually parched, we sometimes wonder if God is still with us. This week, we’re going to explore God’s faithfulness in those desert places. Not only is God with us in difficult seasons, He is committed to strengthening our faith. He’s a God who is that good. He’s a God who is faithful!
6 Days
Galatians was written as a strong rebuke of false teaching that infiltrated the churches in Galatia. Paul’s central argument reaffirms the foundation of the gospel: “a person is not justified by works of the law but through faith in Jesus Christ” (Galatians 2:16). Galatians reminds us to walk in the freedom of the true, untainted gospel and warns us against submitting again to the slavery of works-based salvation.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ