ගලාති 3:1-6

ගලාති 3:1-6 SCV

අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය. මෙය පමණක් ඔබෙන් අසමි; ඔබ ආත්මයාණන්වහන්සේ ලද්දේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැති නම් ඇසූ දෑ අදහා ගැනීමෙන් ද? ඔබ ඔතරම් අඥාන ද? ආත්මයාණන්වහන්සේ තුළින් අරඹා, දැන් මාංසයෙන් සම්පූර්ණ වන්නට සිතන්නහු ද? ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන් ම ඒවා අර්ථ විරහිත ද? ආත්මයාණන් ඔබට සපයා දෙන තැනැන්වහන්සේ ඔබ අතරේ හාස්කම් කරන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැතහොත් ඔබ ඇසූ දෑ ඇදහීමෙන් ද? එය, ආබ්‍රහම්, “දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යන පරිද්දෙනි.

ගලාති 3:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය