එස්රා 9:6-9

එස්රා 9:6-9 SCV

මෙසේ යාච්ඤා කළෙමි: “අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ වෙත මගේ මුහුණ ඔසවන්නට බැරි තරමට මම දැඩි සේ ලජ්ජා වෙමි; නින්දා සහගත ව සිටිමි. මගේ දෙවියන්වහන්ස, අපේ පාප අපේ හිස්වලටත් වඩා ඉහළින් ය; අපේ අපරාධ ස්වර්ගයට ම ළඟා වෙලා ය. අපගේ පියවරුන්ගේ කාලයේ පටන් මේ දක්වා අපගේ අපරාධය අති මහත් ය. අපගේ පාප හේතු කොට අපත්, අපගේ රජවරුන් හා අපගේ පූජකයින් විදෙස් රජවරුන්ගේ අත්වලට, කඩුවට හා වහල්කමටත්, කොල්ලකෑමට හා අවමානයටත් යටත් වී සිටින්නෙමු. “එහෙත් දැන් සුළු මොහොතකට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ඉතිරි ස්වල්ප දෙනකු ලෙස සිටින්නටත්, ස්වකීය ශුද්ධස්ථානයේ ස්ථිර ස්ථානයක් දීමටත් දයාන්විත වූ සේක. තවද අපේ දෙවියන්වහන්සේ අපේ ඇස්වලට එළියක් හා අපේ වහල් බැඳීම්වලට මද සැනසිල්ලක් දුන් සේක. අප වහලුන් වුවත් අපේ දෙවියන්වහන්සේ අපේ වහල්කමේදී අප අත්හැර නැත. පර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි උන්වහන්සේ අපට කරුණාව පෙන්වා ඇත: අපේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකරන්නටත්, එහි කැඩුම්-බිඳුම් පිළිසකර කරන්නටත් උන්වහන්සේ අපට පිබිදීමක් ප්‍රදාන කළ සේක. උන්වහන්සේ අපට යූදාහි හා යෙරුසලමේ රැකවරණයේ පවුරක් දුන් සේක.

මෙයට අදාළ වීඩියෝ

එස්රා 9:6-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය