එස්රා 7
7
එස්රාගේ පැමිණීම
1මේ දේවලට පසු පර්සියාවේ රජු වූ අර්තාෂස්තාගේ රාජ්‍ය සමයේ එස්රා පැමිණියේ ය. ඔහු සෙරායාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කීයාගේ පුත්‍රයා ය; 2ඔහු ෂල්ලූම්ගේ පුත්‍රයා ය; ඔහු සාදෝක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටූබ්ගේ පුත්‍රයා ය; 3ඔහු අමරියාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු මෙරායොත්ගේ පුත්‍රයා ය; 4ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උස්සීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය; 5ඔහු අබිෂූවාගේ පුත්‍රයා ය; ඔහු පීනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු ප්‍රධාන පූජක ආරොන්ගේ පුත්‍රයා ය; 6මේ එස්රා පැමිණියේ බබිලෝනියේ සිට ය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රවීණ ධර්මාචාර්යවරයෙකි. ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූ බැවින්, ඔහු ඉල්ලූ හැම දෙයක් ම රජු ඔහුට අනුමත කළේ ය. 7අර්තාෂස්තා රජුගේ හත් වන වසරේ ඔහු සමඟ ඉශ්රායෙල්වරු ඇතැම් දෙනෙක් ද පූජකයෝ ඇතැම් දෙනෙක් ද ලෙවීවරු, ගායකයෝ, දොරටු පාලකයෝ හා දේව මාලිග සේවකයෝ යෙරුසලමට පැමිණියහ.
8ඔහු යෙරුසලමට ළඟා වූයේ රජුගේ හත් වන වසරේ, පස් වන මාසයේ ය. 9ඔහු බබිලෝනියේ සිට තම ගමන ඇරඹූයේ පළමු මාසයේ පළමු වන දා ය. දෙවියන්වහන්සේගේ දයාන්විත හස්තය ඔහු සමඟ වූ බැවින්, පස්වෙනි මාසයේ, පළමුවෙනි දා ඔහු යෙරුසලමට ළඟා වූයේ ය. 10මන්ද එස්රා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අධ්‍යයන කරන්නටත්, එය පිළිපදින්නටත්, එහි වූ නියෝග හා නියමයන් ඉශ්රායෙල්වරුන්ට උගන්වන්නටත් තම හදින් අදිටන් කර ගෙන සිටියේ ය.
අර්තාෂස්තා රජු විසින් එස්රාට දෙන ලද ලිපිය
11පූජකයකු ද ධර්මාචාර්යවරයකු ද ඉශ්රායෙල් උදෙසා ස්වාමින්වහන්සේගේ ආඥා හා නියෝග සම්බන්ධ උගතකු ද වූ එස්රාට අර්තාෂස්තා රජු විසින් දෙන ලද ලිපියේ පිටපතකි මේ:
12රජුන්ගේ#7:12 12 සිට 26 දක්වා යන පද අරාමීය භාෂාවෙන් ලියැවී ඇත. රජු වූ අර්තාෂස්තා විසිනි,
පූජකයකු ද ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ධර්මාචාර්යවරයකු ද වූ එස්රා වෙතයි.
ශුභ සිද්ධ වේවා!
13දැන් මම මෙසේ නියෝගයක් කරමි. මගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් ජනයාගෙන් යමකු හෝ ඔවුන්ගේ පූජකයින්ගෙන් හා ලෙවීවරුන්ගෙන් යමකු යෙරුසලමට යන්නට කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ නම්, ඒ අයට ඔබ සමඟ යා හැක. 14මන්ද ඔබ අතේ ඇති දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ ව යූදා හා යෙරුසලම පිළිබඳව විමසීම් කරන පිණිස ඔබ යවනු ලබන්නේ රජු හා ඔහුගේ උපදේශකයින් හත්දෙනා විසිනි. 15තවද යෙරුසලමේ තම වාසස්ථානය ඇති ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට රජු හා ඔහුගේ උපදේශකයින් සිය කැමැත්තෙන් දුන් රිදී හා රත්රන් ද ගෙන යාමට ය. 16ඒ සමඟ මුළු බබිලෝනි පළාතෙන් ඔබ සපයා ගන්නා රිදී හා රන් සියල්ල ද ඒ සමඟ යෙරුසලමේ තමන්ගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ජනතාවත්, පූජකයිනුත් සිය කැමැත්තෙන් දීමට පොරොන්දු වූ පඬුරු ද ගෙන යාමට ය. 17එම මුදලින් ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒවායේ ධාන්‍ය පූජා හා පාන පූජා ද ඔබ උද්යෝගී ව මිල දී ගත යුතු අතර ඒවා යෙරුසලමේ ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පූජාසනය පිට පූජා කළ යුතු ය.
18ඉතිරි රිදී හා රන් ඔබේ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ඔබටත්, ඔබේ සහෝදර යුදෙව්වරුන්ටත් මැනවයි පෙනෙන ලෙස කරන්න. 19ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයය සඳහා ඔබට භාර දෙන ලද භාජන සියල්ල, යෙරුසලමේ දෙවියන්වහන්සේ ඉදිරියේ භාර දෙන්න. 20ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා අවශ්‍ය වන අන් යමක් ඔබ විසින් සැපයිය යුතු වේ ද, ඒවා රාජකීය භාණ්ඩාගාරයෙන් සපයාගත හැකි ය.
21අර්තාෂස්තා රජු වන මම ගඟ එගොඩ පළාතේ සියලු භාණ්ඩාගාරිකයින් වෙත මෙසේ නියෝගයක් කරමි. ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ධර්මාචාර්යවරයකු වූ පූජක එස්රා ඔබෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් උද්යෝගී ව සපයන්න. 22රිදී තලෙන්ත සියය#7:22 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ. දක්වාත්, තිරිඟු කෝර සියය#7:22 මෙට්‍රික් ටොන් 16ක් පමණ. දක්වාත්, මිදි යුෂ බාත් සියය#7:22 ලීටර් 2,200ක් පමණ. දක්වාත්, ඔලීව තෙල් බාත් සියය#7:22 ලීටර් 2,200ක් පමණ. දක්වාත්, ලුණු සීමා රහිතවත් සපයන්න. 23ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ස්වර්ගයේ දෙවියන්වහන්සේ නියම කරන කවරක් වුව මුළුමනින් ඉටු කරනු ලැබේවා. රජුගේත්, ඔහුගේ පුත්රයින්ගේත් රාජ්‍ය පිට දේව උදහස පතිත විය යුතු නො වේවා. 24තවද පූජකයින්ගෙන්, ලෙවීයයන්ගෙන්, ගායකයින්ගෙන්, දොරටුපාලකයන්ගෙන්, දේව මාලිග සේවකයින්ගෙන් හා දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කරන වෙනත් සේවකයින්ගෙන් වරිපණම්, පඬුරු හා බදු අය කර ගැනීමට ඔබට කිසි බලයක් නැති වග ඔබ දැනගත යුතු ය.
25එස්රා ඔබ, ඔබ සතු ව ඇති දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට අනුව, ගඟ එගොඩ පළාතේ ජනතා සියල්ලන්ට, එනම් ඔබේ දෙවියන්වහන්සේගේ නීතිය දන්නා සියල්ලන්ට, යුක්තිය පසිඳලනු පිණිස, මහේස්ත්‍රාත්වරුන් හා විනිශ්චයකරුවන් පත් කරන්න. නො දන්නා අයට ඔබ ඒවා කියා දිය යුතු ය. 26ඔබේ දෙවියන්වහන්සේගේ නීතියටත්, රජුගේ නීතියටත් අවනත නො වන කවරකුට වුව මරණ දඬුවම, පිටුවහල් කිරීම, දේපළ රාජසන්තක කිරීම හෝ සිරගත කිරීම යන තදබල දඬුවමක් නියතයෙන් ම දිය යුතු ය.
27යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ ගෞරවාලංකාරය සඳහා රජුගේ හදවතට මෙබන්දක් දැමූ අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! 28රජු ද ඔහුගේ උපදේශකවරුන් ද රජුගේ සියලු බලධාරීන් ද ඉදිරිපිට උන්වහන්සේ තම ප්‍රසාදය මා වෙත දැක් වූ සේක. එසේ වූයේ මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට වූ බැවිනි. මම ධෛර්යවත් ව මා සමඟ යන පිණිස ඉශ්‍රායෙලයෙන් නායකයින් එකතු කර ගතිමි.
දැනට තෝරාගෙන ඇත:
එස්රා 7: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: