එස්රා 2:1-70
එස්රා 2:1-70 SCV
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් බබිලෝනිය වෙත අල්ලා, ගෙන යන ලදුව, පිටුවහල් ව සිට ආපසු පැමිණි දේශවාසීහු මොවුහු ය. ඔවුහු යෙරුසලමටත්, යූදාටත්, එකිනෙකා තම තමන්ගේ නගරවලටත් පෙරළා ආහ. ඔවුන් පැමිණියේ සෙරුබ්බාබෙල්, යේෂුවා, නෙහෙමියා, සෙරායා, රේලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වයි, රෙහූම් හා බානා යන්නන් සමඟ ය. ඉශ්රායෙල් ජනයාගේ පුරුෂයින්ගේ ගණන: පරොෂ්ගෙන් පැවත එන්නෝ දෙදහස් එකසිය හැත්තෑ දෙදෙනෙකි. ෂෙෆටියාගෙන් පැවත එන්නෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙකි. ආරාගෙන් පැවත එන්නෝ හත්සිය හැත්තෑපස් දෙනෙකි. පාහත්-මෝවබ්ගෙන් පැවත එන්නෝ එනම් යේෂුවාගේ හා යෝවාබ්ගෙන් පැවත එන්නෝ දෙදහස් අටසිය දොළොස් දෙනෙකි. ඒලාම්ගෙන් පැවත එන්නෝ එක්දහස් දෙසිය පනස්හතර දෙනෙකි. සත්තූගෙන් පැවත එන්නෝ නවසිය හතළිස්පස් දෙනෙකි. සක්කයිගෙන් පැවත එන්නෝ හත්සිය හැට දෙනෙකි. බානීගෙන් පැවත එන්නෝ හයසිය හතළිස් දෙදෙනෙකි. බේබයිගෙන් පැවත එන්නෝ හයසිය විසිතුන් දෙනෙකි. අස්ගාද්ගෙන් පැවත එන්නෝ එක්දහස් දෙසිය විසි දෙදෙනෙකි. අදොනීකාම්ගෙන් පැවත එන්නෝ හයසිය හැටහය දෙනෙකි. බිග්වයිගෙන් පැවත එන්නෝ දෙදහස් පනස්හය දෙනෙකි. ආදීන්ගෙන් පැවත එන්නෝ හාරසිය පනස්හතර දෙනෙකි. ආටේර්ගෙන් එනම් හෙසකියාගෙන් පැවත එන්නෝ අනූඅට දෙනෙකි. බේසායිගෙන් පැවත එන්නෝ තුන්සිය විසිතුන් දෙනෙකි. යෝරාගෙන් පැවත එන්නෝ එකසිය දෙළොස් දෙනෙකි. හාෂුම්ගෙන් පැවත එන්නෝ දෙසිය විසිතුන් දෙනෙකි. ගිබ්බාර්ගෙන් පැවත එන්නෝ අනූපස් දෙනෙකි. බෙත්ලෙහෙමෙන් එකසිය විසිතුන් දෙනෙකි. නෙටොෆාහි මිනිස්සු පනස්හය දෙනෙකි. අනාතොත් මිනිස්සු එකසිය විසිඅට දෙනෙකි. අස්මාවෙත් පුත්රයෝ හතළිස් දෙදෙනෙකි. කිරියත්-ආරීම්, කෙෆීරා හා බෙයේරොත් පුත්රයෝ හත්සිය හතළිස්තුන් දෙනෙකි. රාමා හා ගෙබා පුත්රයෝ හයසිය විසිඑක් දෙනෙකි. මික්මාස් මිනිස්සු එකසිය විසි දෙදෙනෙකි. බෙතෙල් හා ආයි පුත්රයෝ දෙසිය විසිතුන් දෙනෙකි. නෙබෝ පුත්රයෝ පනස් දෙදෙනෙකි. මග්බීෂ් පුත්රයෝ එකසිය පනස්හය දෙනෙකි. අනෙක් ඒලාම් පුත්රයෝ එක්දහස් දෙසිය පනස්හතර දෙනෙකි. හාරිම්ගේ පුත්රයෝ තුන්සිය විසි දෙනෙකි. ලොද්, හාදීද් හා ඕනෝ පුත්රයෝ හත්සිය විසිපස් දෙනෙකි. යෙරිකෝ ජනයාගෙන් තුන්සිය හතළිස්පස් දෙනෙකි. සෙනායා පුත්රයෝ තුන්දහස් හයසිය තිස් දෙනෙකි. පූජකයෝ නම්: යෙදායාගෙන් පැවත එන්නෝ (යේෂුවාගේ පියවංශය තුළිනි) නවසිය හැත්තෑතුන් දෙනෙකි. ඉම්මේර්ගෙන් පැවත එන්නෝ එක්දහස් පනස් දෙදෙනෙකි. පෂ්හූර්ගෙන් පැවත එන්නෝ එක්දහස් දෙසිය හතළිස්හත් දෙනෙකි. හාරිම්ගෙන් පැවත එන්නෝ එක්දහස් දාහත් දෙනෙකි. ලෙවීවරු නම්: හෝදවියාගේ පෙළපතින් එන යේෂුවාගෙන් හා කද්මීයෙල්ගෙන් පැවත එන්නෝ හැත්තෑහතර දෙනෙකි. ගායකයෝ නම්: ආසාෆ්ගෙන් පැවත එන්නෝ එකසිය විසිඅට දෙනෙකි. දොරටුපාලයෝ නම්: ෂල්ලූම්ගෙන් පැවත එන්නෝ, ආටේර්ගෙන් පැවත එන්නෝ, ටල්මොන්ගෙන් පැවත එන්නෝ, අක්කූබ්ගෙන් පැවත එන්නෝ, හටීටාගෙන් පැවත එන්නෝ හා ෂොබායිගෙන් පැවත එන්නෝ එකසිය තිස්නව දෙනෙකි. දේව මාලිග සේවකයෝ නම්: සීහාගෙන් පැවත එන්නෝ, හසූෆාගෙන් පැවත එන්නෝ, ටබ්බාවොත්ගෙන් පැවත එන්නෝ, කේරොස්ගෙන් පැවත එන්නෝ, සියහාගෙන් පැවත එන්නෝ, පාදොන්ගෙන් පැවත එන්නෝ, ලෙබානාගෙන් පැවත එන්නෝ, හගාබාගෙන් පැවත එන්නෝ, අක්කූබ්ගෙන් පැවත එන්නෝ, හාගාබ්ගෙන් පැවත එන්නෝ, ෂල්මයිගෙන් පැවත එන්නෝ, හානාන්ගෙන් පැවත එන්නෝ, ගිද්දේල්ගෙන් පැවත එන්නෝ, ගහර්ගෙන් පැවත එන්නෝ, රෙයායාගෙන් පැවත එන්නෝ, රෙසීන්ගෙන් පැවත එන්නෝ, නෙකෝදාගෙන් පැවත එන්නෝ, ගස්සාම්ගෙන් පැවත එන්නෝ, උස්සාගෙන් පැවත එන්නෝ, පාසේයාගෙන් පැවත එන්නෝ, බේසයිගෙන් පැවත එන්නෝ, අස්නාගෙන් පැවත එන්නෝ, මෙයූනීම්ගෙන් පැවත එන්නෝ, නෙෆූසීම්ගෙන් පැවත එන්නෝ, බක්බූක්ගෙන් පැවත එන්නෝ, හකූෆාගෙන් පැවත එන්නෝ, හර්හූර්ගෙන් පැවත එන්නෝ, බස්ලූත්ගෙන් පැවත එන්නෝ, මෙහීදාගෙන් පැවත එන්නෝ, හර්ෂාගෙන් පැවත එන්නෝ, බර්කෝස්ගෙන් පැවත එන්නෝ, සීසෙරාගෙන් පැවත එන්නෝ, තෙමාගෙන් පැවත එන්නෝ, නෙසීයාගෙන් පැවත එන්නෝ හා හටීෆාගෙන් පැවත එන්නෝ. සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන්නෝ නම්: සෝටයිගෙන් පැවත එන්නෝ, හස්සොෆෙරෙත්ගෙන් පැවත එන්නෝ, පෙරූදාගෙන් පැවත එන්නෝ, යාලාගෙන් පැවත එන්නෝ, දර්කොන්ගෙන් පැවත එන්නෝ, ගිද්දේල්ගෙන් පැවත එන්නෝ, ෂෙෆටියාගෙන් පැවත එන්නෝ, හට්ටීල්ගෙන් පැවත එන්නෝ, පොකෙරෙත්-හස්සෙබායිම්ගෙන් පැවත එන්නෝ හා ආමීගෙන් පැවත එන්නෝ. දේව මාලිග සේවකයෝ හා සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන්නෝ යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙකි. තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරූබ්, අද්දාන් හා ඉම්මේර් යන නගරවලින් පිටත් ව ආ අය පහත දැක් වේ. එහෙත් ඔවුන්ට තම පියවංශ හා තමන්ගේ පැවත ඒම පිළිබඳව තමන් අයත් වන්නේ ඉශ්රායෙල්ට වග පෙන්විය නො හැකි විය: දෙලායාගෙන්, ටෝබීයාගෙන් හා නෙකෝදාගෙන් පැවත එන්නෝ හයසිය පනස් දෙදෙනෙකි. තවද පූජකයින්ගෙන් පැවත එන්නෝ නම්: හොබයියාගෙන් පැවත එන්නෝ, හක්කොස්ගෙන් පැවත එන්නෝ හා බර්සිල්ලයිගෙන් පැවත එන්නෝ (මොහු ගිලියාදීය බර්සිල්ලයිගේ දියණියක බිරිඳ කර ගෙන සිටි බැවින්, ඒ නමින් හැඳින්විණ). මොවුන් පරම්පරා ලියාපදිංචි ලේඛන අතරේ සොයා බැලූ නමුත් ඒවා එහි සම්බ නො වී ය. එබැවින් පවිත්ර නැති හැටියට සලකා, ඔවුන් පූජකවරයෙන් බැහැර කෙරිණ. ඌරීම් හා තුම්මීම් මගින් විමසන පූජකයකු නැගිටින තුරු අතිශුද්ධ ආහාරවලින් වළකින ලෙස ආණ්ඩුකරු ඔවුන්ට දැන්වී ය. මුළු සමූහයාගේ ගණන හතළිස් දෙදහස් තුන්සිය හැට දෙනෙකි. ඒ හැර, ඔවුන්ගේ දාස දාසීන් හත්දහස් තුන්සිය තිස්හත් දෙනෙකි; ගායක ගායිකාවන් දෙසීය දෙනෙක් ඔවුන්ට සිටියහ. ඔවුන්ට අශ්වයින් හත්සිය තිස්හයක් ද කොටළුවන් දෙසිය හතළිස්පහක් ද ඔටුවන් හාරසිය තිස්පහක් ද බූරුවන් හයදහස් හත්සිය විස්සක් ද වූහ. මෙසේ පියවංශ ප්රධානීහු ඇතැම් දෙනෙක් යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත පැමිණි කල, ඊට නිසි බිමේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකිරීමට ස්වේච්ඡා පඬුරු දුන්හ. ඔවුහු තම පුළුවන්කමේ හැටියට මේ කාර්යය සඳහා රන් දාරික් හැටඑක් දහසක් ද රිදී මිනා පන්දහසක් ද පූජක වස්ත්ර සියයක් ද කාර්ය බාර භාණ්ඩාගාරයට දුන්හ. පූජකයෝ ද ලෙවීවරු ද ගායකයෝ, දොරටුපාලයෝ, දේව මාලිග සේවකයෝ යන ජනයාගෙන් ඇතැම් දෙනෙක් ද තම තමන්ගේ නගරවල පදිංචි වූහ. සෙසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල පදිංචි වූහ.

