එසකියෙල් 37:24-26

එසකියෙල් 37:24-26 SCV

“ ‘මගේ සේවක දාවිත් ඔවුන්ගේ රජු වන්නේ ය. මෙසේ ඔවුන් සියල්ලන්ට එක් එඬේරකු වන්නේ ය. ඔවුන් මගේ නියමයන් පිළිපදිමින්, මගේ නියෝග රක්ෂා කරන්නට වග බලා ගනු ඇත. මගේ සේවක යාකොබ්ට මා දුන් දේශය වන ඔබගේ පියවරුන් විසූ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත. ඔවුන් ද ඔවුන්ගේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවන් ද සදහට ම එහි වාසය කරනු ඇත. මගේ සේවක දාවිත් සදහට ම ඔවුන්ගේ අධිපතියා වන්නේ ය. මම ඔවුන් සමඟ සාම ගිවිසුමක් කරන්නෙමි. එය සදාතන ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන් ස්ථාපන කර, ගණනින් ඔවුන් වර්ධන කරන්නෙමි. මම ඔවුන් අතරෙහි මගේ ශුද්ධස්ථානය සදාතනික ව පිහිටු වන්නෙමි.