එසකියෙල් 33:7-9

එසකියෙල් 33:7-9 SCV

“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න. මම දුෂ්ටයා අමතා, ‘එම්බා දුෂ්ට මනුෂ්‍යය, ඒකාන්තයෙන් ම නුඹ නසිනු ඇතැ’ යි කී විටෙක, ඒ නපුරු මාර්ගයෙන් ඔහු වළක්වනු පිණිස ඔබ ඔහුට කතා නො කළහොත්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එහෙත්, ඔබ ඒ දුෂ්ට මිනිසාට ඒ මාර්ගයෙන් හැරෙන පිණිස ඔබ අවවාද කළේ වුව ද, ඔහු තම මාර්ගයෙන් නො හැරුණේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත.