එසකියෙල් 33:12-16

එසකියෙල් 33:12-16 SCV

“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ජනතාවට මෙසේ කියන්න: ‘ධර්මිෂ්ඨ මනුෂ්‍යයකු අකීකරු වූ කල, ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ගැලවෙන්නේ නැත. දුෂ්ට මිනිසකු දුෂ්ටකමින් ඉවත හැරුණු කල, ඔහුගේ දුෂ්ටකම ඔහුගේ වැටීමට හේතු නො වේ. ධර්මිෂ්ඨ මනුෂ්‍යයා පව් කරන්නේ නම්, ඔහුගේ ධර්මිෂ්ඨකම ජීවත්වීමට ඔහුට ඉඩ සලසන්නේ නැත.’ කිසියම් දමිටු කෙනකුට, ‘සැබවින් ම ඔබ ජීවත් වෙතැ’ යි මා කී පසු, ඔහු තම දමිටුකම මත විශ්වාසය තබා දුෂ්ටකම් කරන්නේ නම්, ඔහු විසින් කරන ලද දමිටුකම් එකකුදු සිහි නො කෙරේ. ඔහු දුෂ්ටකම් කළ නිසා, ඔහු මියැදේ. තවද, කිසියම් දුෂ්ට මිනිසකුට, ‘සැබවින් ම ඔබ මියෙතැ’ යි මා කී පසු, ඔහු තම පාපයෙන් ඉවත හැරී, යුක්තියත්, සාධාරණත්වයත් කරයි නම්, ඒ දුෂ්ට මිනිසා ණයක් දීමට උගසට ගත් දෑ ආපසු දේ නම්, සොරාගත් දෑ ආපසු දේ නම්, ජීවනය දෙන නියෝග පිළිපදී නම් හා කිසි නපුරක් නො කරයි නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. ඔහු විසින් කරන ලද පාප එකකුදු ඔහුට එරෙහිව සිහි නො කෙරේ. ඔහු යුක්තියත්, සාධාරණත්වයත් කර ඇති බැවින් සැබවින් ම ඔහු ජීවත් වෙයි.