එසකියෙල් 3:1-9

එසකියෙල් 3:1-9 SCV

උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඔබට මෙහි හමුවන දෑ අනුභව කරන්න. මේ ඇකුළුම් පොත අනුභව කරන්න. ඉන්පසු ගොස්, ඉශ්‍රායෙල් වංශයට කතා කරන්නැ” යි පැවසූහ. එබැවින් මම මගේ මුව විවර කළෙමි. එවිට උන්වහන්සේ ඇකුළුම් පොත අනුභව කරන්නට මට සැලසූ සේක. ඉන්පසු උන්වහන්සේ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට දෙන මේ ඇකුළුම් පොත අනුභව කොට, එයින් ඔබේ කුස පුරවා ගන්නැ” යි කී සේක. එබැවින් මම එය අනුභව කළෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විණි. උන්වහන්සේ ඉන්පසු මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, යන්න, ඉශ්‍රායෙල් වංශය වෙත ගොස්, ඔවුන්ට මගේ ම වචනවලින් කතා කරන්න. ඔබ යවනු ලබන්නේ අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජනතාවක් වෙත නො වේ. ඉශ්‍රායෙල් වංශය වෙතටයි. කියන දෑ ඔබට නො වැටහෙන අපැහැදිලි කතාවක් හා අමාරු භාෂාවක් ඇති ජන කොටස් වෙත නො වේ. යම් හෙයකින් එබන්දන් වෙත මම ඔබ යැවීම් නම්, සැබවින් ම ඔවුන් ඔබට සවන් දෙන්නට තිබිණ. එහෙත් ඉශ්‍රායෙල් වංශය ඔබට සවන් දෙන්නට කැමති නැත්තේ, මට සවන් දෙන්නට ඔවුන් නො කැමති නිසා ය. මන්ද මුළු ඉශ්‍රායෙල් වංශය ම තද නළලතක් ඇති නො දැමුණු ඇත්තන් ය. දැන් මෙන්න, මම ඔබගේ නළලතත්, ඔවුන්ගේ සේ ම තද කරන්නෙමි. මම ඔබේ නළලත, ගිනිගලකටත් වඩා දැඩි, තද ගලක් සේ කරන්නෙමි. ඔවුන් කැරලිකාරී වංශයක් වුවත්, ඔවුන්ගේ වචනවලට හෝ ඔවුන්ගේ පෙනුමට භය නො වන්නැ” යි කී සේක.

මෙයට අදාළ වීඩියෝ

එසකියෙල් 3:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය