එසකියෙල් 23
23
වේශ්‍යා අක්ක නගෝ
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ, 2“මනුෂ්‍ය පුත්‍රය, එක ම මවකගේ දියණියන් වූ කාන්තාවන් දෙදෙනෙක් සිටියහ. 3තමන්ගේ නව යොවුන් වියේ පටන් ම ගණිකා කර්මයට යොමු වූ ඔවුහු, ඊජිප්තුවේ වෙසඟනන් බවට පත් වූහ. ඒ දේශයේදී ඔවුන්ගේ ළය මඬල පිරිමදිනු ලැබී ය. ඔවුන්ගේ නවමු පියයුරු මිරිකනු ලැබී ය. 4වැඩිමලියගේ නම ඔහොලා ය. ඇගේ සොයුරිය ඔහොලීබා ය. ඔවුහු මා සන්තක වී, පුතුන් ද දූවරුන් ද බිහි කළහ. ඔහොලා සමාරියේ ද, ඔහොලීබා යෙරුසලමේ ද නම ය.
5“ඔහොලා මා සන්තක ව සිටියදී ම වේශ්‍යාකමෙහි පැටලුණා ය. ඈ ඇගේ ආලවතුන් වූ අසිරියානුවන්ට අනුරාගී වූවා ය. ඔවුහු රණශූරයෝ ය. 6නීල වස්ත්‍රයෙන් සැරසුණාහු ය. ආණ්ඩුකාරයින් ද සෙන්පතීන් ද වූ ඔවුන් සියල්ලෝ කඩවසම් යෞවනයෝ ය. අසුන් අරා සිටි අසරුවෝ ය. 7අසිරියානුවන්ගේ උසස් පැලැන්තියේ සියල්ලන්ට ඈ වෙසඟනක සේ තමා ම පිරිනැමුණා ය. ඇය අනුරාගී වූ සැමගේ දේව පිළිම සියල්ලෙන් ඈ තමන් දූෂ්‍ය කර ගත්තා ය. 8ඇය ඊජිප්තුවේදී ඇරඹූ ගණිකා කර්මය ඇය අතැර දැම්මේ නැත. ඇගේ යෞවනයේදී මිනිස්සු ඇය සමඟ යහන් වැද, ඇගේ නවමු පියයුරු මිරිකා, ඔවුන්ගේ අනුරාගය ඇය පිට වැගිරවූහ.
9“එබැවින්, ඇය අනුරාගී වූ ඇගේ ආලවතුන් වූ අසිරියානුන් අතට මම ඇය යටත් කර දුනිමි. 10ඔවුහු ඇය හැඳිවත් ගලවා, ඇය නිරුවත් කොට, ඇගේ පුතුන් ද දූවරුන් ද ගෙන, කඩුවෙන් ඇය මරා දැමූහ. කාන්තාවන් අතරේ ඇය අපකීර්තියක් වූවා ය. මෙසේ ඈ දඬුවමට පත් කෙරිණි.
11“ඇගේ සහෝදරිය වූ ඔහොලීබා මෙය දුටුවා ය. එහෙත් ඇගේ අනුරාගය හා වේශ්‍යාකම ඇගේ සහෝදරියටත් වඩා දූෂිත විය. 12ඈ ද ආණ්ඩුකාරයින් හා සෙන්පතීන් වූ අසිරියානුවන්ට අනුරාගී වූවා ය. සම්පූර්ණ ඇඳුමින් සැරසී, අසුන් අරා සිටි අසරුවන් වූ ඒ සියල්ලෝ කඩවසම් යෞවනයෝ ය. 13ඇයත් තමා විසින් ම දූෂ්‍ය වී ඇති වග මම දිටිමි. ඔවුන් දෙදෙනා ම ගියේ එක ම මාවතේ ය.
14“එහෙත් ඈ තම වේශ්‍යාකමෙහි වඩ වඩාත් ගැලුණා ය. බිත්තියේ ඇඳ තිබූ පිරිමි රූප ඈ දුටුවා ය. කල්දි මිනිසුන්ගේ රූප රත් පැහැයෙන් ඇඳ තිබිණ. 15ඔවුන්ගේ බඳ වටා බඳ පටි ද ඔවුන්ගේ හිස් මත එල්ලා වැටෙන තලප්පා ද විය. ඔවුන්ගේ පෙනුම කල්දියාව නිජබිම කොට ගත් බබිලෝනියානු නිලධාරීන්ගේ බඳු විය. 16ඔවුන් දුටු විගස ඈ ඔවුනට අනුරාගී වී, ඔවුන් වෙත කල්දියාවට පණිවුඩ යැව්වා ය. 17එවිට බබිලෝනිවරු ඇය වෙත අවුත්, ඇගේ ආලයේ යහනට වැද, තමන්ගේ අනුරාගයෙන් ඇය දූෂ්‍ය කළෝ ය. ඔවුන් විසින් දූෂ්‍ය කරනු ලැබූ පසු, ඈ පිළිකුලෙන් යුතු ව ඔවුන්ට පිටුපෑවා ය. 18ඇය එළිපිට ම තම වේශ්‍යාකමෙහි යෙදෙමින්, ඇගේ නිරුවත ප්‍රදර්ශන කළ කල්හි, මම ඇගේ සහෝදරිය වෙතින් ඉවත් වූ ලෙසින් ම පිළිකුලෙන් යුතු ව ඇය වෙතින් ඉවත් වුණෙමි. 19ඊජිප්තුවෙහි වේශ්‍යාවියක ව සිටි තම යෞවන දවස් සිහි කරමින් ඈ, වඩ වඩාත් වේශ්‍යාකමෙහි ගැලුණා ය. 20එහිදී ඈ බූරුවන්ගේ බඳු ජනනේන්ද්‍රිය ද අශ්වයින්ගේ බඳු මෝචනයක් ද ඇති ඇගේ ආලවන්තයින්ට අනුරාගී වූවා ය. 21ඊජිප්තුවේදී නුඹේ ළය මඬල පිරිමදිනු ලැබ, නුඹේ යොවුන් පියයුරු මිරිකනු ලැබූ කල්හි නුඹේ යෞවන වයසේ සල්ලාලකමට නුඹ ආශා වූවා ය.
22“එබැවින් ඔහොලීබා, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: පිළිකුලෙන් යුතු ව නුඹ ඉවත හැරුණු නුඹේ ආලවතුන් මම නුඹට එරෙහිව පොලඹවන්නෙමි. නුඹට එරෙහිව හැම පැත්තකින් ම ඔවුන් ගෙනෙන්නෙමි. 23බබිලෝනිවරුන් ද සියලු කල්දිවරුන් ද පෙකෝද් ද ෂෝවා හා කෝවා මිනිසුන් ද සියලු අසිරියානුන් ද වන ඔවුහු කඩවසම් යෞවනයෝ ය. ආණ්ඩුකරුවන් ද සෙන්පතීන් ද යුද්ධ රථාචාරීන් ද උසස් නිලතල දරන්නන් ද වූ ඒ සියල්ලෝ අසුන් අරා සිටියහ. 24නුඹට එරෙහිව ඔවුන් ආයුධ, යුද්ධ රථ හා ගැල් ද සුවිසල් ජනකායක් ද කැටිව එනු ඇත. ඔවුන් මහ පලිහ සහ කුඩා පලිහ ද ආරක්ෂක හිස් වැසුම් ද සහිත ව නුඹට එරෙහිව, හැම පැත්තකින් ම ස්ථානගත වනු ඇත. මම දඬුවම් පිණිස ඔවුන් අතට නුඹ බාර දෙන්නෙමි. තම තමන්ගේ මිම්මට අනුව ඔවුන් නුඹට දඬුවම් දෙනු ඇත. 25මම මගේ ඊර්ෂ්‍යාවේ කෝපය නුඹට එරෙහිව යොමු කරන්නෙමි. එවිට ඔවුන් ක්‍රෝධයෙන් යුතු ව නුඹ ගැන ක්‍රියා කරනු ඇත. ඔවුන් නුඹේ නාසා හා කන් කපා දමනු ඇත. ජීවත් ව සිටින නුඹේ අය කඩුවෙන් වැටී යනවා ඇත. ඔවුන් නුඹේ පුත්‍රයින් හා දූවරුන් ගෙන යනු ඇත. ඉතිරි ව සිටින්නන් ගින්නෙන් දැවී යනු ඇත. 26තවද ඔවුන් නුඹ නිර්වස්ත්‍ර කොට, නුඹේ අගනා ආභරණ ගනු ඇත. 27ඊජිප්තුවේදී නුඹ ඇරඹූ සල්ලාලකමට හා වේශ්‍යාකමට මම මෙසේ නැවතීමක් තබන්නෙමි. නුඹ මේවා දෙස ආශාවෙන් බලන්නේවත්, තවදුරටත් ඊජිප්තුව සිහිපත් කරන්නේවත් නැත.
28“මන්ද, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ වෛර කරන, නුඹ පිළිකුලෙන් යුතු ව ඉවත හැරුණවුන් අතට නුඹ හසුකර දීමට මම සූදානමින් සිටිමි. 29ඔවුන් බද්ධ වෛරයෙන් නුඹ ගැන ක්‍රියා කොට, නුඹ උපයා, සපයා ගත් හැම දෙයක් ම රැගෙන යනු ඇත. ඔවුන් නුඹ නග්න කොට, නිරාවරණ කොට තබනු ඇත. නුඹේ වේශ්‍යාකමේ නින්දාව එළිදරවු කෙරෙනු ඇත. නුඹගේ සල්ලාලකම් හා වේශ්‍යාකම් 30විසින් ඒ දෑ නුඹ පිටට පමුණුවා ඇත්තේ, නුඹ අන් ජාතීන් වෙත අනුරාගී ව, ඔවුන්ගේ දේව පිළිමවලින් කිලිටට පත් වූ නිසා ය. 31නුඹේ සහෝදරිය ගිය මාර්ගයේ ම නුඹ ගොස් ඇත. එබැවින් ඇයට ද දුන් දඬුවමේ කුසලාන මම නුඹේ අතට දෙන්නෙමි.
32“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“නුඹ නුඹේ සහෝදරියගේ කුසලාන පානය කරනු ඇත.
එය විසල් වූත්, ගැඹුරු වූත් කුසලානකි.
එය අපහාසයත්, උපහාසයත් ගෙන ඒ.
ඒවා එපමණට ම එහි අඩංගු ය.
33බේබදුකමින් හා දුක්ඛ දොම්නසින්,
භීතියේ හා පාළුවේ කුසලාන වන
නුඹේ සහෝදරිය වූ සමාරියේ කුසලාන නුඹට පුරවනු ලබනු ඇත.
34නුඹ එය බී-හිස් කර,
හපා විසුණු කොට,
නුඹේ පපුව ඉරා ගනු ඇත.
මන්ද මම කතා කළෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
35“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ මා අමතක කොට, නුඹේ පිටුපස්සට මා තල්ලු කර දැමූ බැවින්, නුඹේ සල්ලාලකමේ හා වේශ්‍යාකමේ විපාකය නුඹ ම දරාගත යුතු ය.”
36 ස්වාමින්වහන්සේ මට මෙසේ පැවසූ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරනවා ද? එසේ නම් ඔවුන්ගේ පිළිකුල් සහගත ක්‍රියාකාරකම් ඔවුන්ට ප්‍රකාශ කරන්න. 37ඔවුහු පර පුරුෂ සේවනය කළෝ ය. ඔවුන්ගේ අත්වල ලේ ය. ඔවුහු තම දේව පිළිම සමඟ පරදාර සේවනය කළෝ ය. මට දාව උපන් පුතුන් වූ දරුවන්, ඒ පිළිමවලට ආහාර කොට යාග කළහ. 38ඔවුහු මට මෙසේ ද කළෝ ය: එකල්හි දී ඔවුහු මගේ ශුද්ධස්ථානය දූෂ්‍ය කර, මගේ සබත් කෙලෙසූහ. 39තම දරුවන් තම දේව පිළිමවලට යාග කළ දවසේ ම මගේ ශුද්ධස්ථානයට ද ඇතුළුවීමෙන් ඔවුහු එය කෙලෙසූහ. ඔවුහු මගේ ගෘහයෙහි හැසිරී ඇත්තේ එලෙසිනි.
40“තවද ඔවුහු දුර ඈත සිට පැමිණි මිනිසුන් වෙත පණිවුඩකරුවන් යැවූහ. ඔවුන් පැමිණි කල්හි, ඔන්න! නුඹ, ඔවුන් නිසා නා, පේවී, ඇසේ අඳුන් උලා, අබරණවලින් සැරසුණා ය. 41මා සතු සුගන්ධ ධූම ද්‍රව්‍ය හා මගේ තෛල නුඹ විසින් අතුරා පිළියෙල කරන ලද මේසයක් ඉදිරිපිටින් ඇති ව නුඹ දර්ශනීය සෝපාවක් මත හිඳ ගත්තා ය.
42“කරදර බර නැති සමූහයකගේ ඝෝෂාවක් ඇය අවටින් ඇසිණ. නො හික්මුණු පිරිසක් සමඟ කාන්තාරයේ සිට බේබද්දෝ ද කැඳවා ගෙනෙන ලදහ. ඔවුහු ඒ කාන්තාවගේත් ඇගේ සහෝදරියගේත් අතෙහි වළලු ද ඔවුන්ගේ හිසෙහි ඔටුනු ද දැමූහ. 43එවිට පරදාර සේවනයෙන් විඩාපත් ව සිටින ඇය ගැන මම කතා කරමින්, ‘දැන් ඔවුන් ඇය වෙසඟනක කොට ගනිත්වා! ඇගෙන් ලද හැක්කේ එපමණකි’ යි කීවෙමි. 44ඔවුහු ඇය වෙත පැමිණියහ. මෙසේ යමකු වෙසඟනක වෙත එළැඹෙන්නා සේ ඔවුහු ඔහොලා ද ඔහොලීබා ද යන දුරාචාර කතුන් වෙත එළැඹියහ. 45එහෙත්, පර පුරුෂ සේවනයේ ගැලෙන්නියකට හා ලේ වගුරුවන්නියනට නියමිත දඬුවමේ තීන්දුව දමිටු මිනිසුන් විසින් ඔවුනට පමුණුවනු ඇත. මන්ද ඔවුන් පරදාරිකාවන් ය. ඔවුන්ගේ අත්වල ලේ ය.
46“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔවුන්ට එරෙහිව මැර කණ්ඩායමක් ගෙනවුත්, භීතියටත්, කොල්ලයටත් ඔවුන් හසුකර දෙන්න. 47මැරයින් පැමිණ ඔවුනට ගල් ගසා, තම කඩුවලින් ඔවුන් කපා-කොටා, ඔවුන්ගේ දූ පුතුන් ද ඝාතන කොට, ඔවුන්ගේ ගෙවල් ද ගිනිලනු ඇත.
48“මෙසේ මම දේශයේ සල්ලාලකම කෙළවරක් කරන්නෙමි. එසේ කරන්නේ සියලු කාන්තාවනට අනතුරු අඟවන පිණිසත්, ඔවුන් නුඹලා අනුකරණ නො කරන පිණිසත් ය. 49නුඹලාගේ සල්ලාලකමේ දඬුවම නුඹලා විඳිනු ඇත. නුඹලාගේ දේව පිළිම වන්දනාවේ පාප විපාකය, නුඹලා දරනු ඇත. මා පරමාධිපති ස්වාමින්වහන්සේ වග එවිට නුඹලා දැනගන්නවා ඇත.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 23: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: