එසකියෙල් 2

2
කැඳවීම හා පැවරීම
1උන්වහන්සේ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය#2:1 මනුෂ්‍ය පුත්‍රය හෙවත් ආදම්ගේ පුත්‍රය; එසකියෙල් පොත පුරා මනුෂ්‍ය පුත්‍රයා යන යෙදුම ඇති තැන්වලට අදාළ ය., නැගිට සිටගන්න. මම ඔබ සමඟ කතා කරන්නෙමි” යි පැවසූ සේක. 2උන්වහන්සේ මට කතා කරද්දී, ආත්මයාණෝ මා තුළට ඇතුළු ව, මා නැගිට සිටවූහ. උන්වහන්සේ මා අමතනු මට ඇසිණි.
3“මනුෂ්‍ය පුත්‍රය, මම ඉශ්‍රායෙල්වරුන් වෙත ඔබ යවන්නෙමි. මට එරෙහිව කැරලි ගැසූ ඔවුහු හිතුවක්කාර ජාතියකි. ඔවුහුත්, ඔවුන්ගේ පියවරුත් මේ අද දවස දක්වා ම මට එරෙහිව කැරලි ගැසූහ. 4මා ඔබ පිටත් කර යවන පරම්පරාව නො දැමුණු, මුරණ්ඩු ජනතාවකි. ඔවුන් අමතා, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැ’ යි කියන්න; 5කැරලිකාරී වංශයක් වන ඔවුන් සවන් දුන්නත්, සවන් දීම ප්‍රතික්ෂේප කළත්, තමන් අතරෙහි දිවැසිවරයකු සිටින වග ඔවුන් දැනගන්නවා ඇත. 6දැන් ඔබ! මනුෂ්‍ය පුත්‍රය, ඔවුනට හෝ ඔවුන්ගේ වචනවලට භය නො වන්න. ගොකටු හා කටු ගස් ඔබ වට කොට ගත්ත ද, ගෝනුස්සන් අතරෙහි ඔබ වාසය කළ ද, භය නො වන්න. ඔවුන් කැරලිකාරී වංශයක් වුවත්, ඔවුන්ගේ වචනවලට භය නො වන්න, ඔවුන්ගේ පෙනුමට තැති නො ගන්න. 7කැරලිකාරී වංශයක් වන ඔවුන් සවන් දුන්නත්, සවන් දීම ප්‍රතික්ෂේප කළත් මගේ වචන ඔබ ඔවුන්ට පැවසිය යුතුයි. 8මනුෂ්‍ය පුත්‍රය ඔබ, මා කියන දේට සවන් දෙන්න. ඒ කැරලිකාරී වංශය මෙන් කැරලිකරුවකු නො වන්න. ඔබේ මුව විවර කර, මා ඔබට දෙන දෑ අනුභව කරන්නැ” යි කී සේක.
9ඉන්පසු මා බැලූ කල, ඉන්පසු මා බැලූ කල, මෙන්න! මවෙත දිගු කෙරුණු අතක්. මෙන්න! එහි ඇකුළුම් පොතක් විය. 10උන්වහන්සේ මා ඉදිරියේ එය දිග හළ සේක. එහි ඉදිරිපස හා පසු පස යන දෙපැත්තේ ම ලියා තිබුණි. එහි ලියා තිබුණේ වැලපීමේත්, ශෝකයේත්, ඛේදයේත් වචන ය.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න