නික්මයාම 6:5-7
නික්මයාම 6:5-7 SCV
එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්‍රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි. “එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත.

