ස්වාමින්වහන්සේ මෝසෙස්ටත්, ආරොන්ටත් ඉශ්‍රායෙල්වරුන් හා ඊජිප්තු රජු වූ පාරාවෝ ගැන කතා කළ සේක්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට, ඔවුන් දෙදෙනාට නියෝග කළ සේක. ඔවුන්ගේ පියවංශ ප්‍රධානීහු මොවුහු ය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබෙන්ගේ පුත්‍රයෝ: හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී. රූබෙන් පෙළපත් ඒවා ය. සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාකින්, සොහර් හා ෂාවුල්; ඔහු කානානි කතගෙන් උපන් පුත්‍රයා ය. සිමියොන් පෙළපත් ඒවා ය. තමන්ගේ පරම්පරා අනුව ලෙවී පුත්‍රයන්ගේ නාම: ගෙර්ෂොන්, කොහාත් හා මෙරාරී. ලෙවීගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස්හතකි. තමන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ: ලිබ්නි හා ෂිමෙයි. කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල්. කොහාත්ගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස් තුනකි. මෙරාරීගේ පුත්‍රයෝ: මාලී හා මූෂී. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවී පෙළපත් ඒවා ය. අම්රාම්, තම පියාගේ සොයුරිය වන යොකෙබෙද් ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට ආරොන් හා මෝසෙස් බිහි කර දුන්නා ය. අම්රාම්ගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස්හතකි. ඉස්හාර්ගේ පුත්‍රයෝ: කෝරා, නෙෆෙග් හා සික්රී. උස්සියෙල්ගේ පුත්‍රයෝ: මිෂායෙල්, එල්සාෆාන් හා සිත්රී. ආරොන්, අම්මිනාදාබ්ගේ දියණිය වූත්, නාෂොන්ගේ සොහොයුරිය වූත් එලිෂෙබා ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට නාදාබ් හා අබීහූ ද එලෙයාසර් හා ඊතාමර් ද බිහි කර දුන්නා ය. කෝරාගේ පුත්‍රයෝ: අස්සීර්, එල්කානා හා අබියාසාෆ්. කොර්හී පෙළපත් ඒවා ය. ආරොන්ගේ පුත් එලෙයාසර්, පූතියෙල්ගේ දියණියක ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට පීනෙහාස් බිහි කර දුන්නා ය. පෙළපත් වශයෙන් වූ ලෙවී පියවංශ ප්‍රධානීහු ඔවුහු ය. “ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ සේනාංක වශයෙන් ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්නැ” යි ස්වාමින්වහන්සේ කීවේ මෙම ආරොන්ට හා මෝසෙස්ට ය. ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒම ගැන ඊජිප්තු රජු වූ පාරාවෝට කතා කළෝ ඔවුහු ය. ඒ මෙම මෝසෙස් හා ආරොන් ය. ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ දවසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම ස්වාමින්වහන්සේ ය. මා ඔබට පවසන සියල්ල ඊජිප්තු රජු වූ පාරාවෝට කියන්නැ” යි පැවසූ සේක. එහෙත් මෝසෙස් එවිට ස්වාමින්වහන්සේට පිළිතුරු දුන්නේ, “අහෝ! කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දෙනු ඇද්ද?” යනුවෙනි.
නික්මයාම 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 6:13-30
3 Days
A three day reading plan focused on the consistency of God's nature and character. Inspired by the hit single My God Is Still The Same by the band Sanctus Real, this Bible study helps us to see that even though our circumstances change constantly through out life, God's faithfulness remains.
12 Days
As Christians, we believe that God is almighty and good and that He hates evil. However, we see bad things going on all around us! This raises the question why God permits evil to happen. Why does He not intervene? This reading plan searches for answers in Bible stories about people who wrestled with these very same questions.
Exodus begins with God hearing the cries of His people and rescuing them from slavery in Egypt. Through Moses, God shows His power in signs and wonders, delivers His people at Passover, and parts the Red Sea. This plan will help you see God as the One who rescues—not just long ago, but today. His promises are stronger than your doubts, and His rescue leads to freedom.
14 Days
The Bible is a compilation of 66 books. Each book has an overarching theme. Multiple stories and texts in each book point to an attribute of God. When these themes are recognized, they help us understand the message of that book better. It also allows us to see how One Single Story is woven from beginning to end. Ultimately, each theme will enable us to understand Jesus and why He came.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ