නික්මයාම 40:34-38
නික්මයාම 40:34-38 SCV
එවිට වලාකුළ හමුවීමේ කූඩාරම වසාලී ය; ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, මණ්ඩපය පුරවාලී ය. වලාකුළ, හමුවීමේ කූඩාරම අරා රඳා සිටි නිසාත්, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මණ්ඩපය පිරී තිබූ නිසාත් හමුවීමේ කූඩාරමට ඇතුළු වීමට මෝසෙස්ට හැකි නො වී ය. තමන්ගේ සියලු ගමන් වාරවලදී ඉශ්‍රායෙල් ජනයා පිටත් ව ගමනේ යෙදුණේ, වලාකුළ මණ්ඩපය මතින් ඉහළට එසැවුණු කල්හි ය. එහෙත් වලාකුළ ඔසවනු නො ලැබුවේ නම්, එය ඔසවනු ලබන දවස දක්වා ම ඔවුන් පිටත් ව ගියේ නැත. මෙසේ ඔවුන්ගේ සියලු ගමන් අතරතුරේදී ඉශ්‍රායෙල්වරුන් සියල්ලන්ගේ ඇස් හමුවේ, ස්වාමින්වහන්සේගේ වලාකුළ දහවලෙහි මණ්ඩපය අරා රැඳී තිබූ අතර, රාත්‍රියේ වලාවෙහි ගින්න තිබිණ.

