එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “අහෝ මා ස්වාමිනි, මීට ඉස්සර හෝ ඔබගේ සේවක මා සමඟ ඔබ කතා කළ පසුව හෝ කිසි දිනෙක මා කතාවෙහි දක්ෂයකු නො වේ. කීමෙහි-බිණීමෙහි මම අදක්ෂයෙක්මි” යි කීවේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය.
නික්මයාම 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 4:10-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ