නික්මයාම 4:1-4
නික්මයාම 4:1-4 SCV
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “ඇතැම් විට ඔවුන් මා විශ්වාස නො කර, මා කියන දේ නො අසා, ‘ඔබට ස්වාමින්වහන්සේ පෙනුණේ නැත’ කියා පවසනු ඇතැ” යි කී ය. එවිට ස්වාමින්වහන්සේ ඔහු අමතා, “ඔබේ අතේ ඔය තියෙන්නේ කුමක් දැ?” යි ඇසූ සේක. “සැරයටියකැ” යි ඔහු පැවසී ය. “එය බිම හෙළන්නැ” යි ස්වාමින්වහන්සේ කී සේක. මෝසෙස් එය බිම දැමී ය. එය සර්පයකු බවට පත් විය. මෝසෙස් එයින් ඉවතට දිව්වේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා, “ඔබේ අත දිගු කොට, වලිගයෙන් ඌ අල්ලා ගන්නැ” යි කී සේක. මෝසෙස් තම අත දිගු කොට, ඌ අල්ලා ගත්තේ ය. ඔහුගේ අතේ යළි එය සැරයටියක් බවට පත් විය.

