නික්මයාම 36:1-5
නික්මයාම 36:1-5 SCV
එබැවින් බෙසලෙල් ද ඔහොලියාබ් ද ශුද්ධස්ථානයේ හැම තැනීම් කාරියක් ම කෙසේ කළ යුතුදැයි දැනගැනීමට ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය හා හැකියාව දෙන ලද හැම නිපුණ ශිල්පියකු ද ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, එම කටයුතු සියල්ල ඉටු කළ යුතු යැ” යි පැවසී ය. මෝසෙස් ඉන්පසු, බෙසලෙල් හා ඔහොලියාබ් ද ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද නිපුණ ශිල්පීන් ද ස්ව-කැමැත්තෙන් පැමිණ වැඩ කිරීමට පෙලඹුණු අය ද කැඳවී ය. ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්‍රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ. එබැවින් ශුද්ධස්ථානයේ හැම වැඩක ම යෙදී සිටි නිපුණ ශිල්පීහු සැවොම තමන් කළ වැඩ නවතා, මෝසෙස්ට කතා කොට, “ස්වාමින්වහන්සේ කරන්නට අණ කළ කාරියට අවැසි පමණටත් බොහෝ වැඩියෙන් ජනයා පඬුරු ගෙනෙති” යි කීහ.

