නික්මයාම 34:10-17

නික්මයාම 34:10-17 SCV

ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙන්න, මම දැන් ගිවිසුමක් කරන්නෙමි. මුළු ලොව කිසි තැනක හෝ යම් ජාතියක් අතරේ හෝ නො කරන ලද අරුම පුදුම දේ, ඔබේ මුළු ජනයා ඉදිරියේ මම දක්වන්නෙමි. ඔබ වෙසෙන්නේ කවර ජනතාවක් මධ්‍යයේ ද, අන්න ඒ ජනයා, ස්වාමින්වහන්සේ වන මා ඔබ උදෙසා මොන තරම් භයානක වැඩ සිදු කරනවා ද යන වග දකිනු ඇත. අද දවසේ මා ඔබට අණ කරන දෑට කීකරු වන්න. මෙන්න, මම ඔබ ඉදිරිපිටින් අමෝරිවරුන් හා කානානිවරුන් ද හිත්තිවරුන් හා පෙරිස්සිවරුන් ද හිවීවරුන් හා යෙබූසිවරුන් ද පන්නා දමන්නෙමි. ඔබ යන දේශයේ පදිංචිකරුවන් සමඟ කිසි ගිවිසුමකට නො බැඳීමට වග බලා ගන්න. නැතහොත් ඔවුන් ඔබට මර උගුලක් වනු ඇත. ඔවුන්ගේ පූජාසන කඩා දමන්න. ඔවුන්ගේ පූජනීය ගල් කුලුනු බිඳ දමන්න. අෂේරා කණු කපා දමන්න. අන් කිසි දෙවියකුට නමස්කාර නො කරන්න. මන්ද ඊර්ෂ්‍යා සහගත නම් වූ ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ කෙනෙක. “ඒ දේශයේ පදිංචිකරුවන් සමඟ කිසි ගිවිසුමකට නො බැඳීමට වග බලා ගන්න. මන්ද ඔවුන් තම දෙවිවරුන් සමඟ අනාචාරකම් කොට, ඔවුනට දොළ පිදේනි පුදන කල, ඔබටත් ඇරියුම් ලැබ, ඔබත් ඒ දොළ පිදේනි බුදිනු ඇති බැවිනි. තවද ඔබ ඔවුන්ගේ දූවරුන්, ඔබගේ පුතුන්ට භාර්යාවන් කොට ගත් කල, එම දූවරුන් ද තම දෙවිවරුන් සමඟ අනාචාරකම් කොට, ඔබගේ පුතුන් ද එසේ කිරීමට පොලඹවනු ඇති බැවිනි. “වාත්තු දේව පිළිම සාදා නො ගන්න.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 34:10-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය