ඔහු ඔවුන් අතින් ඒවා ගෙන, උණු කර, අච්චුවක ලා, උපකරණයකින් හැඩකොට, ගොන් පැටවකුගේ පිළිරුවක් වාත්තු කළේ ය. එවිට ඔවුහු, “එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්නැ” යි කීහ. ආරොන් එය දුටු කල, ඒ පිළිරුව ඉදිරිපිට පූජාසනයක් ඉදිකර, “හෙට ස්වාමින්වහන්සේට මංගල්‍යයකි” යි නිවේදන කළේ ය. එබැවින් ජනයා පසු දා උදෑසනින් නැගිට, දවන යාග පූජා කොට, ශාන්ති පූජා පිළිගැන් වූහ. පසුව ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පහළට බැස යන්න. අන්න! ඔබ, ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔබගේ ජනයා තුමූම දූෂ්‍ය කර ගෙන!
නික්මයාම 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 32:4-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ