තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉතා අගනා සුගන්ධ ද්‍රව්‍යවලින්, එනම් සුවඳලාටු දියර ෂෙකෙල් පන්සියයක් ද ඉන් අඩක් හෙවත් ෂෙකෙල් දෙසිය පනහක සුවඳ කුරුඳු ද සුදු හඳුන් බට ෂෙකෙල් දෙසියපනහක් ද කැෂියා කුරුඳු ෂෙකෙල් පන්සියයක් ද යන වශයෙන් ශුද්ධස්ථානයේ සම්මත මිනුමට අනුව ගෙන, ඔලීව තෙල් හිනක් ද ගන්න. මෙම සුගන්ධ ද්‍රව්‍යවලින් සුවඳ විලවුන් ශිල්පීය සංයෝගයක් වූ ශුද්ධ ආලේප තෙලක් වන සුගන්ධ මිශ්‍රණයක් සාදන්න. ශුද්ධ ආලේප තෛලය මෙයයි. ඉන්පසු ඒවායින් හමුවීමේ කූඩාරම ද සාක්ෂි කරඬුව ද ඔබ ආලේප කළ යුතු ය. තවද මේසය හා එහි සියලු උපකරණ ද පහන් රුක හා එහි උපාංග ද සුවඳ දුම් පූජාසනය ද දවන යාග පූජාසනය හා එහි සියලු උපකරණ ද රඳවනය සහිත ජල බේසම ද එයින් ආලේප කරන්න. මේවා අතිශුද්ධ වනු පිණිස, ඔබ ඒවා විශුද්ධ කළ යුතු ය. ඒවාට ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ. “පූජකයින් වශයෙන් මට සේවය කරන පිණිස, ආරොන් හා ඔහුගේ පුත්‍රයින් ආලේප කොට, කැප කරන්න. ඔබ ඉශ්‍රායෙල්වරුන් අමතමින් මෙසේ කිය යුතු ය: ‘ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ මගේ ශුද්ධ ආලේප තෛලය මෙයයි. එය මිනිස් සිරුරෙහි නො වැගිරිය යුතු ය. එම වට්ටෝරුවට අනුව වෙනත් තෙලක් සාදා නො ගත යුතු ය. එය ශුද්ධ ය. ඔබත් ඒවා ශුද්ධ ලෙස සැලකිය යුතු ය. කවරකු හෝ ඒ හා සමාන සුවඳ විලේපනයක් සාදන්නේ ද නැතහොත් කවරකු හෝ පූජකයකු නො වන කෙනකු පිට ඒවා ගල්වන්නේ ද හෙතෙම තම ජනතාව වෙතින් සිඳ දැමිය යුතු යැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “දුර්ලභ සුවඳ ද්‍රව්‍ය එනම් නාතාප් ලාටු, ඔනිකා හා ගල්බනම් ලාටු යන සුගන්ධ ද්‍රව්‍ය හා පිරිසිදු කට්ටකුමංජල් යන සියල්ලෙන් එක පමණ ගෙන, සුවඳ විලවුන් ශිල්පීය නිමැවුමක් ව, ලුණු දමනු ලැබූ, පිරිසිදු, ශුද්ධ සුගන්ධ ධූම ද්‍රව්‍ය මිශ්‍රණයක් සාදන්න. ඉන් කොටසක් කුඩුකර, ඔබට මා මුණගැසෙන තැන වන හමුවීමේ කූඩාරමේ සාක්ෂි ගල්ලෑලි අබියස තබන්න. එය ඔබට අතිශුද්ධ ය. මෙම වට්ටෝරුව අනුව වෙනත් ධූම ද්‍රව්‍යයක් ඔබට සාදා නො ගන්න. එය ස්වාමින්වහන්සේට ශුද්ධ වග සලකන්න. සුවඳ විඳීම සඳහා ඒ හා සමාන යමක් සාදා ගන්නා කවරකු වුව ද ඔහුගේ ජනයා වෙතින් සිඳ දමනු ලැබිය යුතු යැ” යි පැවසූ සේක.
නික්මයාම 30 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 30:22-38
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ