නික්මයාම 30:22-30
නික්මයාම 30:22-30 SCV
තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉතා අගනා සුගන්ධ ද්‍රව්‍යවලින්, එනම් සුවඳලාටු දියර ෂෙකෙල් පන්සියයක් ද ඉන් අඩක් හෙවත් ෂෙකෙල් දෙසිය පනහක සුවඳ කුරුඳු ද සුදු හඳුන් බට ෂෙකෙල් දෙසියපනහක් ද කැෂියා කුරුඳු ෂෙකෙල් පන්සියයක් ද යන වශයෙන් ශුද්ධස්ථානයේ සම්මත මිනුමට අනුව ගෙන, ඔලීව තෙල් හිනක් ද ගන්න. මෙම සුගන්ධ ද්‍රව්‍යවලින් සුවඳ විලවුන් ශිල්පීය සංයෝගයක් වූ ශුද්ධ ආලේප තෙලක් වන සුගන්ධ මිශ්‍රණයක් සාදන්න. ශුද්ධ ආලේප තෛලය මෙයයි. ඉන්පසු ඒවායින් හමුවීමේ කූඩාරම ද සාක්ෂි කරඬුව ද ඔබ ආලේප කළ යුතු ය. තවද මේසය හා එහි සියලු උපකරණ ද පහන් රුක හා එහි උපාංග ද සුවඳ දුම් පූජාසනය ද දවන යාග පූජාසනය හා එහි සියලු උපකරණ ද රඳවනය සහිත ජල බේසම ද එයින් ආලේප කරන්න. මේවා අතිශුද්ධ වනු පිණිස, ඔබ ඒවා විශුද්ධ කළ යුතු ය. ඒවාට ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ. “පූජකයින් වශයෙන් මට සේවය කරන පිණිස, ආරොන් හා ඔහුගේ පුත්‍රයින් ආලේප කොට, කැප කරන්න.

