නික්මයාම 30:17-21

නික්මයාම 30:17-21 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සේදීම් සඳහා ලෝකඩින් වතුර බේසමක් හා ඊට ලෝකඩින් අඩියක් ද සාදන්න. එය හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් අතරේ තබා, එහි ජලය දමන්න. ආරොන් හා ඔහුගේ පුතුන් එහි ජලයෙන් තම අත් හා පා සෝදා ගත යුතු ය. ඔවුන් හමුවීමේ කූඩාරමට ඇතුළු වන කවර අවස්ථාවක වුව, තමන් නො නස්නා පිණිස, ඔවුන් ජලයෙන් සෝදා ගත යුතු ය. එසේ ම ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් ඔප්පු කරන්නට පූජාසනයේ මෙහෙයට ළඟා වන අවස්ථාවලදී ද තමන් නො නස්නා පිණිස, ඔවුන් ජලයෙන් සෝදා ගත යුතු ය. ආරොන්ටත්, ඔහුගෙන් පැවත එන්නන්ටත් මෙය ඔවුන්ගේ මතු පරම්පරා මුළුල්ලේ නිත්‍ය නියෝගයක් වන්නේ යැ” යි පැවසූ සේක.