නික්මයාම 3:7-10

නික්මයාම 3:7-10 SCV

එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඊජිප්තුවේදී මගේ ජනයාගේ දුක්ඛිතභාවය මම හොඳින් ම දුටිමි. තම වැඩ විදානේවරුන් නිසා ඔවුන් නගන අඳෝනාව මම ඇසීමි. ඔවුන් විඳින පීඩාව මම දනිමි. එනිසා ඊජිප්තුවරුන් අතින් ඔවුන් මුදා ගන්නටත්, ඒ දේශයෙන් පිටතට ඔවුන් ගෙනැවිත්, සාරවත් සුවිසල් දේශයකට, එනම් කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද නිවහන වූ කිරි හා පැණි ගලා යන දේශයකට ඔවුන් ගෙන යන්නටත් මම පහළ බැස ආවෙමි. මෙන්න, දැන්! ඉශ්‍රායෙල් ජනයාගේ අඳෝනාව මා වෙත ළඟා වෙලා! ඊජිප්තුවරුන් ඔවුන්ට පීඩා කරන හැටි ද මම දැක්කෙමි. එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.