නික්මයාම 3:10-13

නික්මයාම 3:10-13 SCV

එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මෝසෙස් දෙවියන්වහන්සේ අමතමින්, “මම! පාරාවෝ වෙත යන්නටත්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමටත් මා කවුරු දැ?” යි කී ය. දෙවියන්වහන්සේ පිළිතුරු දෙමින්, “මම, ඔබ සමඟ සිටිමි. ඔබ යවනු ලබන්නේ මා විසින් ය යන වගට ඔබට ලකුණක් මෙන්න; ඔබ ඊජිප්තුවෙන් පිටතට ජනයා ගෙන ආ කල, නුඹලා මේ කන්දේ දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇතැ” යි පැවසූ සේක. මෝසෙස් යළි දෙවියන්වහන්සේ අමතමින්, “මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත ගොස්, ‘නුඹලා වෙත මා එවන ලද්දේ නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ යැ’ යි කී කල, ‘උන්වහන්සේගේ නාමය මොකක් දැ?’ යි ඔවුන් ඇසුවහොත්, මා කියන්නේ මොනවා දැ?” යි ඇසී ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:10-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය