ඔබ, සොරකම් නො කළ යුතු ය. ඔබ, ඔබේ අසල්වැසියාට එරෙහිව බොරු සාක්ෂි නො දිය යුතු ය. ඔබ, ඔබේ අසල්වැසියාගේ නිවසට තෘෂ්ණා නො කළ යුතු ය. ඔබේ අසල්වැසියාගේ බිරිඳට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට, බූරුවාට හෝ ඔබේ අසල්වැසියාට අයත් අන් කවරකට හෝ තෘෂ්ණා නො කළ යුතු ය.” මේඝ ගර්ජනාවත්, විදුලි අකුණුත්, හොරණෑ නාදයත් ඇසූ දුටු මුළු මහත් ජනයා දුම් නැගෙන කන්ද දුටු කල, භයින් වෙවුලන්නට වූහ. ඔවුහු දුරින් සිට, මෝසෙස්ට කතා කොට, “ඔබ ම අපට කතා කරන්න: අප ඇහුම්කන් දෙන්නම්. එහෙත් දෙවියන්වහන්සේ අපට කතා නො කළා වේ; කළොත් අප නැසෙනු ඇතැ” යි කීහ. එවිට මෝසෙස් ජනතාව අමතමින්, “භය නො වන්න; දෙවියන්වහන්සේ පැමිණියේ නුඹලා පරීක්ෂා කරන්නටයි. නුඹලා පව් නො කර සිටිනු සඳහා නුඹලා උන්වහන්සේට භය පක්ෂපාතී ව සිටිනු පිණිස යැ” යි කීවේ ය. ජනයා ඈතට වී රැඳී සිටියදී, මෝසෙස්, දෙවියන්වහන්සේ සිටි ඝන අන්ධකාරය වෙත ළඟා විය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘ස්වර්ගයේ සිට මා නුඹලාට කතා කළ වග නුඹලා ම දුටුවහ. මා සමඟ සිටින පිණිස, ඔබ දෙවිවරුන් හදා ගැනීම නො කළ යුතු ය. රිදී දෙවිවරුන් හෝ රන් දෙවිවරුන් හෝ නුඹලාට හදා ගැනීම නො කළ යුතු ය. “ ‘පස්වලින් මට පූජාසනයක් තනා, ඔබේ දවන යාග පූජා හා ශාන්ති පූජා වශයෙන් ඔබේ එළු බැටළු හා ගවයින් ඒ මත පූජා කරන්න. මවිසින් මගේ නාමය ගෞරවයට පමුණු වන ලබන කොතැනකට වුව, මම ඔබ වෙත අවුත්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබ මට ගලින් පූජාසනයක් තනන්නේ නම්, කැපූ ගල් ඊට නො යොදන්න. මන්ද ඔබ ඊට ආයුධයක් යොදා ගතහොත් එය දූෂ්‍ය වන බැවිනි. තවද මගේ පූජාසනය වෙත නුඹලා පඩි පෙළකින් නැග නො යා යුතු ය. ඒ එසේ කළහොත් ඒ මත ඔබේ නග්න භාවය නිරාවරණ විය හැකි නිසා යැ’ යි” පැවසූ සේක.
නික්මයාම 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 20:15-26
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ