නික්මයාම 20:1-7

නික්මයාම 20:1-7 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ මේ සියලු වචන පැවසූ සේක. “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය. “මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය. ඔබ, ඉහළ අහසේ හෝ පහළ පොළොවේ හෝ පොළොවෙන් යට ජලයේ හෝ ඇති කිසිවක රූපාකාරයෙන් පිළිම රූපයක්, ඔබට හදා ගැනීම නො කළ යුතු ය. ඔබ ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය. නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ, එහෙත් මට ප්‍රේම කරන, මගේ ආඥා පිළිපදින අයගේ දහස් ගණන් දක්වා නොමියෙන ප්‍රේමය පාන්නා වූ තැනැත්තාණෝ ය. ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය නිරර්ථක ව භාවිත නො කළ යුතු ය. මන්ද ස්වකීය නාමය නිරර්ථක ව භාවිත කරන්නන්ට ස්වාමින්වහන්සේ දඬුවම් නො කර සිටින්නේ නැත.