නික්මයාම 2:4-8

නික්මයාම 2:4-8 SCV

ඔහුට කුමක් වන්නේ දැයි බලන්නට ඔහුගේ සොහොයුරිය ඈතට වී බලා සිටියා ය. මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය. ඈ එය විවර කළ විට, ළදරුවා දුටුවා ය. බිළිඳා සිටියේ හඬමිනි. ඈ ඔහුට අනුකම්පා කළා ය. “මේ හෙබ්‍රෙව් ළදරුවෙකැ” යි ඈ කීවා ය. මෙවිට, ඔහුගේ සහෝදරිය, පාරාවෝගේ දියණිය අමතමින්, “මා ගොස්, දරුවාට කිරි දෙන්නට හෙබ්‍රෙව් කාන්තාවන්ගෙන් කිරි මවක් කැඳවාගෙන එන්න දැ?” යි ඇසුවා ය. පාරාවෝගේ දියණිය, “හොඳයි, යන්නැ” යි ඇයට කීවා ය. එවිට ඒ දැරිවි පිට වී ගොස්, දරුවාගේ මව කැඳවාගෙන ආවා ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 2:4-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය