නික්මයාම 19:1-8

නික්මයාම 19:1-8 SCV

ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු, තුන් වන මස පළමු දවසේ, ඔවුහු සීනයි කාන්තාරයට පැමිණියහ. රෙෆීදිම් වෙතින් පිටත් වූ පසු, සීනයි කාන්තාරයට ඇතුළු වූ ඔවුහු, කාන්තාරයේ කඳවුරු ගැසූහ. මෙසේ, කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල් කඳවුරු ගසා ගත්හ. ඉන්පසු මෝසෙස් දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය. ස්වාමින්වහන්සේ කන්දේ සිට ඔහු ඇමතූ සේක්, “යාකොබ්ගේ වංශයට ඔබ කිය යුත්තේ මෙයයි; ඉශ්‍රායෙල් ජනයාට කිය යුත්තේ මෙසේයි: ‘ඊජිප්තුවට මා කළ දෑ කවරේ ද යන්නත්, රාජාලි පියාපත් මත මා නුඹලා උසුලා මා වෙතට ගෙන ආවේ කෙසේ ද යන්නත් නුඹලා ම දුටුවහ. එබැවින් දැන් නුඹලා මට සපුරාම කීකරු ව, මගේ ගිවිසුම පිළිපදින්නේ නම්, මුළු මහත් ජාතීන් අතරින් නුඹලා මට ම අයිති වූ වස්තුවක් වනු ඇත. මන්ද මේ මුළු මහ පොළොව ම මගේ ය; නුඹලා මට පූජක රාජ්‍යයක් ද ශුද්ධ වූ ජාතියක් ද වනු ඇත’ යන්නයි. ඉශ්‍රායෙල් ජනයාට ඔබ පැවසිය යුතු වචන ඒවා යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් ආපසු අවුත්, ජනයාගේ වැඩිහිටියන් කැඳවා, ස්වාමින්වහන්සේ ඔහුට පවසන්නට අණ කළ සියලු වචන ඔවුන් හමුවේ තැබී ය. එවිට මුළු ජනතාව එකාවන් ව පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු” යි කීහ. එබැවින් මෝසෙස් ජනතාවගේ පිළිතුර ස්වාමින්වහන්සේ වෙත ගෙන ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 19:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය