නික්මයාම 17:1-6

නික්මයාම 17:1-6 SCV

මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා සීන් කාන්තාරයෙන් පිටත් ව, ස්වාමින්වහන්සේගේ අණ පරිදි, තැනකින් තැනකට ගමන් ගත්හ. ඔවුහු රෙෆීදිම්හි කඳවුරු ගසා ගත් නමුදු, ජනතාවට බීමට ජලය එහි නො විණ. එබැවින් ඔවුහු මෝසෙස් සමඟ රණ්ඩු කරමින්, “අපට බොන්නට වතුර දෙනු” යි කීහ. මෝසෙස් පිළිතුරු දෙමින්, “නුඹලා මා සමඟ රණ්ඩු කරන්නේ මොකද? නුඹලා කුමක් නිසා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරනවා දැ?” යි කීවේ ය. එහෙත් දිය පිපාසිත වූ ජනතාව, මෝසෙස්ට එරෙහිව කොඳුරමින්, “අපත්, අපේ දරුවනුත්, අපේ සත්ව සම්පතත් පිපාසයෙන් මරා දමන්නට, නුඹ ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ කුමට දැ?” යි කීහ. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගසමින්, “මේ මිනිස්සුන් සමඟ මා මොනවා කරන්න ද? ඔවුන් දැනටමත් මට ගල් ගසන්නට ලැහැස්ති යැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ජනයාට මදක් පෙරටුවෙන් ගමන් කරමින්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් කීප දෙනකු ද කැටිව, නයිල් ගඟට ඔබ ගැසූ සැරයටිය ඔබේ අතින් ගෙන, යන්න. ඔන්න! මම හොරේබ්හි පර්වතය පිට ඔබ ඉදිරියේ එහි සිටින්නෙමි. පර්වතයට ගසන්න; එවිට ජනයාට බීමට ජලය එයින් නික්ම එතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටියන්ගේ ඇස් හමුවේ එසේ කළේ ය.

නික්මයාම 17:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය