නික්මයාම 16:31-35

නික්මයාම 16:31-35 SCV

ඉශ්‍රායෙල් ජනයා එම ආහාර මන්නා යයි හැඳින් වූහ. ඒවා කොත්තමල්ලි ඇට බඳු ය. පැහැයෙන් සුදු ය. රසයෙන්, මී පැණි මුසු කැවිල්ලක් වැන්න. මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේගේ අණ මෙසේ ය: ‘මේවායින් ඕමෙරයක් රැගෙන, ඔබගේ මතු පරම්පරා සඳහා වෙන් කර තබන්න. ඊජිප්තු දේශයෙන් පිටතට මා ඔබ ගෙනා කල, පාළුකරයේදී ඔබට ආහාර පිණිස මා දුන් රොටි එවිට ඔවුන්ට දැකගත හැකි වෙතැ’ යි” පැවසී ය. එබැවින් මෝසෙස්, ආරොන්ට කතා කොට, “භාජනයක් ගෙන මන්නා ඕමෙරයක් එහි පුරවා, මතු පරම්පරා උදෙසා එය ස්වාමින්වහන්සේ අබියස සුරැකි ව තබන්නැ” යි කීවේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ආරොන් එය සුරැකි ව තිබෙනු පිණිස සාක්ෂි ගල්ලෑලි අබියස තැබී ය. ඉශ්‍රායෙල් ජනයා ජනාවාස භුමියකට පැමිණෙන තෙක්, හතළිස් වසරක් මන්නා අනුභව කළහ. කානාන් දේශ සීමාවට ළඟා වන තෙක් ඔවුහු මන්නා අනුභව කළහ.