නික්මයාම 15:1-4

නික්මයාම 15:1-4 SCV

ඉන්පසු මෝසෙස් හා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මේ ගීතය ගායනා කරමින් මෙසේ කීහ: “ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක. “ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි. උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි; උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ රණ ශූරයෙක. ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමය ය. පාරාවෝගේ යුද්ධ රථ හා හමුදා, උන්වහන්සේ මුහුදේ හෙළා ලූ සේක. ඔහුගේ හොඳ ම නිලධාරීහු රතු මුහුදේ ගිලී ගියාහු ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 15:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය