ඉන්පසු මෝසෙස් හා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මේ ගීතය ගායනා කරමින් මෙසේ කීහ: “ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක. “ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි. උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි; උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ රණ ශූරයෙක. ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමය ය. පාරාවෝගේ යුද්ධ රථ හා හමුදා, උන්වහන්සේ මුහුදේ හෙළා ලූ සේක. ඔහුගේ හොඳ ම නිලධාරීහු රතු මුහුදේ ගිලී ගියාහු ය. ගැඹුරු ජල කඳ ඔවුන් වසා ගත්තේ ය; පත්ලට ම උන් කිඳා බැස්සේ, ගලක් පරිද්දෙනි! අහෝ ස්වාමින්වහන්ස, බලයෙන් තේජාන්විත ය, ඔබගේ දකුණු අත, අහෝ ස්වාමින්වහන්ස, සතුරන් විසුරුවා දැමී ය, ඔබගේ දකුණු අත. “ඔබගේ තේජශ්‍රීයේ මහත්කමින් ඔබ, ඔබට එරෙහිවූවන් බිඳ හෙළූ සේක. ඇවිළෙන ඔබේ කෝපය, ඔබ මුදා හළ කල්හි එයින් උන් දැවී ගියේ ඉපනැලි පරිද්දෙනි. ඔබගේ නාස් පුඩුවල හුස්මේ සැරකමින් ජල කඳ උඩට ගොඩ ගැසිණි. ප්‍රචණ්ඩ ජල කඳ තාප්පයක් සේ සිට ගත්තේ ය. මුහුද මැද ගැඹුරු ජල කඳ මිදුණි. සතුරා උදම් අනමින්, ‘මම ලුහුබැඳ යමි; උන් අල්ලාගමි. මම කොල්ලය බෙදමි. ඔවුන් ගැන මගේ මනදොළ සපුරා ගනිමි. මගේ අසිපත ඇද, මගේ අතින් ඔවුන් වනසන්නෙමි’ යි කී ය. එහෙත් ඔබ ඔබේ හුස්ම පිම්ඹ කල, මුහුද ඔවුන් වසා ගත්තේ ය. බලගතු ජල කඳ තුළට ඔවුන් ගිලී ගියේ ඊයම්-බරු මෙනි. දෙවිවරුන් අතරේ ඔබ හා සමාන අන් කවුරු ද? අහෝ ස්වාමින්වහන්ස! ශුද්ධත්වයෙන් තේජස් වූත්, මහිමයෙන් භයංකර වූත්, හාස්කම් කරන්නාවූත් ඔබ වගේ තව කවුරු ද?
නික්මයාම 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 15:1-11
4 Days
This 4-day Hillsong devotional, inspired by Hillsong Worship's “Great I AM” release, explores the power and presence of God revealed in Jesus Christ. It highlights how God, the Great I AM, has worked miraculously throughout Scripture—fighting for His people, revealing His divine identity in Christ, conquering death, and redeeming the world. It invites you to worship God as all-powerful, ever-present, and worthy of endless praise, as He still declares His victory in our lives today.
5 Days
Faithfulness is one of the most reassuring attributes about God. Yet when we are feeling spiritually parched, we sometimes wonder if God is still with us. This week, we’re going to explore God’s faithfulness in those desert places. Not only is God with us in difficult seasons, He is committed to strengthening our faith. He’s a God who is that good. He’s a God who is faithful!
It is easy to be thankful when times are good and things are going your way, but what about when times are tough and you are facing uncertainties? It is not always easy to rejoice in challenging times. Learn how to be thankful when you don’t feel like it. God never forgets you or fails you.
6 Days
Discover the trustworthy character of God in this study on the foundational description of God's attributes found in the book of Exodus.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ