නික්මයාම 14:5-9

නික්මයාම 14:5-9 SCV

ඉශ්‍රායෙල් ජනයා පලා ගොස් ඇති වග, ඊජිප්තු රජුට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ නිලධාරීහු තම අදහස් වෙනස් කර ගනිමින්, “මොකක් ද මේ අප කර ගත්තේ! ඉශ්‍රායෙල්වරුන්ට යන්නට දීමෙන්, අප ඔවුන්ගේ සේවය නැති කර ගත්තා” යි කීහ. එබැවින් ඔහු තම යුද්ධ රථය සූදානම් කරවා, තම හමුදාව ද කැඳවා ගත්තේ ය. ඔහු හොඳ ම යුද්ධ රථ හයසීයක් ද ඊජිප්තුවේ සෙසු සියලු යුද්ධ රථ ද ඒ හැම භාර නිලධාරීන් ද සපයා ගත්තේ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තු රජු වූ පාරාවෝගේ හද දැඩි කළෙන්, එඩිතර ව ගමනේ යෙදුණු ඉශ්‍රායෙල්වරුන් පසු පස ඔහු හඹා ගියේ ය. පාරාවෝගේ සියලු අශ්වයින් හා අස්රිය ද ඔහුගේ අසරුවන් හා ඔහුගේ හමුදාව ද යන ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ, බාල්-සෙෆොන් අබියස පී-හහිරොත් අසල මුහුද අද්දර කඳවුරු ලා සිටි ඔවුන්ට කිට්ටු කළෝ ය.

නික්මයාම 14:5-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය