නික්මයාම 14:26-31

නික්මයාම 14:26-31 SCV

එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මුහුදට ඔබේ අත දිගු කරන්න; ඊජිප්තුවරුන් පිටත්, ඔවුන්ගේ යුද්ධ රථ හා අසරුවන් පිටත් ජලය ආපසු එන පිණිස යැ” යි කී සේක. එබැවින් මෝසෙස් තම අත මුහුදට දිගු කළේ ය. දවස උදා වෙද්දී මුහුද යළි පෙර තිබූ තැනට ම ගලා ආවේ ය. ඊජිප්තුවරුන් එයින් පලා යෑමට තැත් දැරූ නමුදු, ස්වාමින්වහන්සේ ඔවුන් මුහුද මැදට ගසා යැවූ සේක. ජල කඳ ආපසු ගලා අවුත්, යුද්ධ රථ හා අසරුවන් ද ඇතුළු පාරාවෝගේ සමස්ත හමුදාව යට කර දැමී ය. ඉශ්‍රායෙල්වරුන් පසු පස මුහුදට පැමිණි ඔවුන්ගෙන් එකකුවත් ඉතිරි නො වී ය. එහෙත් ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් ජලය තිබියදී මුහුද මැද වියළි බිම දිගේ ගමන් ගත්තෝ ය. මෙසේ ඒ දවසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් අතින් ඉශ්‍රායෙල් ගැලවූ සේක. ඊජිප්තුවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනු ඉශ්‍රායෙල් ජනයා දුටුවෝ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට එරෙහිව විදහා පෑ ඒ මහා බලය දුටු ඉශ්‍රායෙල් ජනයා, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, උන්වහන්සේ ද උන්වහන්සේගේ සේවක මෝසෙස් ද තුළ විශ්වාසය තැබුවෝ ය.