පාරාවෝ ළං වෙත් ම, ඉශ්‍රායෙල් ජනයා හැරී බැලූ කල, මෙන්න! ඔවුන් දුටුවේ තමන් පසු පස පෙරට ඇදෙන ඊජිප්තුවරුන් ය. ඉන් මහත් භයට පත් ඔවුහු, ස්වාමින්වහන්සේට මොර ගසන්නට වන්හ. ඔවුහු මෝසෙස් අමතමින්, “නුඹ මේ කාන්තාරයේ මැරී යන්නට අප ගෙන ආවේ ඊජිප්තුවේ මිනීවළවල් නැති නිසා ද? ඊජිප්තුවෙන් පිටට අප ගෙන ඒමෙන්, නුඹ අපට මේ කර ඇත්තේ කුමක් ද? ‘අපට ඉන්නට හරින්න. ඊජිප්තුවරුන්ට මෙහෙ කරන්නට ඉඩ දෙන්නැයි ඊජිප්තුවේදී අප නුඹට කීවේ මෙනිසා නො වේ ද?’ මේ කාන්තාරයේ නැසී යනවාට වඩා ඊජිප්තුවරුන්ට මෙහෙ කරමින් සිටියා නම් අපට හොඳ යැ” යි කීහ. එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුමට ද නුඹ මට මොර ගසන්නේ? ඉදිරියට යන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්‍රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත.
නික්මයාම 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 14:10-16
3 Days
A 3-day devotional based on lyrics and themes from the song “Know You Will” by UNITED
This Bible plan explores what it means to truly rest in Jesus. Through Scripture, reflection, and prayer, we will learn how to embrace stillness, let go of fear, and trust God's provision as we enter a brand-new year. Discover how rest is a direct reflection of our peace.
4 Days
Jesus promises that if we stand in faith, we will “win life.” From Moses at the Red Sea, to Jesus with His disciples, Stand is the call to believe God and hold fast to His promises.
John Piper once said, “My job is faithfulness. God’s is fruitfulness.” That quote beautifully illustrates a tension we see throughout God’s Word—namely that while Scripture commands us to work hard, it also tells us that God alone produces results through our work. How do we manage this tension? That’s the question we’ll answer in this four-day devotional.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ