නික්මයාම 13:17-22

නික්මයාම 13:17-22 SCV

පාරාවෝ ජනතාවට යන්නට ඉඩ හළ පසු, පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු, දෙවියන්වහන්සේ එමඟින් ඔවුන් කැඳවාගෙන ගියේ නැත. මන්ද, “යුද්ධයට මුහුණ පෑවහොත් ඔවුන් තම සිත් වෙනස් කර ගෙන ඊජිප්තුවට ආපසු හැරී යතැ” යි දෙවියන්වහන්සේ පැවසූ බැවිනි. එනිසා කාන්තාරය වටා වූ මාවත ඔස්සේ, රතු මුහුද දෙසට දෙවියන්වහන්සේ ඔවුන් කැඳවාගෙන ගිය සේක. ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට ව ගියේ, යුද්ධයට සන්නද්ධ ව ය. මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු ද ඒ සමඟ ගෙන ගියේ ය. මන්ද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් පොරොන්දු දිවුරුමක් ගෙන තිබිණ. “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ මගේ ඇටකටු ඔබ සමඟ මෙතැනින් රැගෙන යා යුතු යැ” යි ඔහු පවසා තිබිණ. ඔවුහු සුක්කොත් වෙතින් පිටත් ව ගියාහු, කාන්තාර-මායිමේ වූ ඒතාම්හි කඳවුරු බැඳ ගත්තාහු ය. ස්වාමින්වහන්සේ මාර්ගයේදී ඔවුන්ට මග පෙන්වීමට දහවලේ වලා ටැඹකින් ද රැයේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින් ද යුතු ව ඔවුන්ට පෙරටුව ගිය සේක. එසේ කළේ දහවලේ ද රැයේ ද ඔවුනට ගමන් කළ හැකි වන පරිදි ය. දහවලේදී වලා ටැඹවත්, රැයේදී ගිනි ටැඹවත් ජනයා ඉදිරියෙන් අහක් ව ගියේ නැත.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 13:17-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය