නික්මයාම 12:17-20

නික්මයාම 12:17-20 SCV

“නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන්න. මන්ද මා ඔබගේ සේනාංක, ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මේ දවසේදී ය. එබැවින් මතු පරපුරින් පරපුරට නිත්‍ය නියෝගයක් වශයෙන් මේ දවස පැවැත් විය යුතු ය. පළමු මස දහහතර වන දින සවස පටන්, විසිඑක් වන දින සවස දක්වා ඔබ මුහුන් නුමුසු රොටි අනුභව කළ යුතු ය. හත් දවසක් ම නුඹලාගේ නිවෙස්හි මුහුන් නො තිබිය යුතු ය. මුහුන් මුසු කවර අහරක් වුව අනුභව කරන කවරකු නමුදු, ඔහු පිටරැටියකු වුව ද, පුරවැසියකු වුව ද ඉශ්‍රායෙල් ජන සමාජයෙන් සිඳ දැමිය යුතු ය. මුහුන් මුසු කළ කිසිවක් අනුභව නො කළ යුතු ය. ඔබ කොතැනක සිටියත්, අහරට ගත යුත්තේ මුහුන් රහිත රොටි යැ” යි පැවසූ සේක.