එස්තර් 9:1-4

එස්තර් 9:1-4 SCV

රජුගේ නියෝගය හා ආඥාව ක්‍රියාත්මක කිරීමට නියමිත දොළොස් වන මාසයේ, අදාර් මාසයේ දහතුන් වන දිනය, එදින යුදෙව්වරුන් මැඬලීමට ඔවුන්ගේ සතුරන් බලාපොරොත්තු වූ දවස වුව ද, තත්වය අනෙක් අතට පෙරැළිණ; යුදෙව්වරු එය, තමන්ට වෛරකළවුන් මැඬලීමේ දවසකට හරවා ගත්හ. අහෂ්වේරොෂ් රජුගේ හැම ප්‍රාන්තයක ම යුදෙව්වරු, තමන් විනාශ කරන්නට සෙවූවන්ට පහර දෙන පිණිස, තම පුරවරයන්හි එක් රැස් වූහ. අන් හැම ජාතියකට ම අයත් ජනයා පිට යුදෙව්වරුන් කෙරේ වූ භයක් පතිත වූ බැවින් යුදෙව්වරුන්ට එරෙහිව නැගිටින්නට සමත් කිසිවකු හෝ නො වී ය. සියලු රජුගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද විවිධ ප්‍රාන්ත-පාලකයෝ ද විවිධ ජන කොටස් හි අධිපතීහු ද මොර්දෙකයි කෙරේ වූ බියෙන් ඇලළී ගියාහු, යුදෙව්වරුන්ට ම උදවු උපකාර කළහ. මොර්දෙකයි, රජ මැදුරෙහි බලවතා විය. ඔහුගේ කීර්තිය ද ප්‍රාන්ත මුළුල්ලෙහි පැතිර ගියේ ය. මෙසේ මොර්දෙකයි වඩ වඩා බලවත් විය.

මෙයට අදාළ වීඩියෝ