අහෂ්වේරොෂ් රජ එදින ම, යුදෙව්වරුන්ගේ හතුරා වූ හාමාන්ගේ ගේ-දොර එස්තර් බිසවට දුන්නේ ය. මොර්දෙකයි රජු ඉදිරියට පැමිණියේ ය. මන්ද ඔහු තමාට කවුරුන්දැයි, එස්තර් පවසා තිබිණි. රජු හාමාන්ගෙන් ආපසු ලබාගෙන තිබූ පේරැස් මුද්ද ගලවා, මොර්දෙකයිට පිළිගැන්වී ය. එස්තර්, හාමාන්ගේ ගේ-දොර භාරකාරත්වය ඔහුට පැවරී ය. එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය. එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය. ඈ රජු අමතමින්, “රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, කළ යුතු දේ මේ යයි රජතුමාට සිතේ නම්, රජු මා කෙරේ ප්‍රිය මනාප නම්, මෙසේ කරන්න. රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව් ජනයා වැනසීමට, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් උපායශීලී ව ලියා යවන ලද ආඥාපත්, අවලංගු කරන නියෝගයක් ලියනු ලැබේවා. මගේ ජනයා පිට ඒ විපත්තිය එනු බලා, මා ඉවසා දරා සිටින්නේ කෙසේ ද? මගේ ම නෑ පරපුර විනාශ වනු බලා, මා ඉවසා දරා ගන්නේ කෙසේ දැ?” යි කීවා ය. අහෂ්වේරොෂ් රජු, එස්තර් බිසවටත්, යුදෙව්වරයකු වූ මොර්දෙකයිටත් පිළිතුරු දෙමින්, “ඔන්න! හාමාන් යුදෙව්වරුන්ට අත හෙළීමට උපා යෙදූ බැවින්, ඔහුගේ ගේ-දොර මම එස්තර්ට දුනිමි. ඔවුහු පෝරකයේ ඔහු එල්ලා දැමූහ. දැන් යුදෙව් ජනයා උදෙසා හොඳ ම දේ මේ යයි ඔබට පෙනෙන හැටියට රජුගේ නමින් වෙනත් ආඥාවක් කෙටුම්පත් කර, රජුගේ පේරැස් මුද්දෙන් එය මුද්‍රා තබන්න. මන්ද රජුගේ නමින් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රා තබන ලද කිසිදු ලියවිල්ලක් අවලංගු කළ නො හැකි යැ” යි පැවසී ය.
එස්තර් 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 8:1-8
7 Days
Are you ready to bloom where you’re planted? To finally free yourself to flourish? To live a life that could only be done by Him and through you? In this plan, Jamie Ivey shows that the abundant life you want is closer than you think. It’s right here, right now, in your life as it already is—you just have to know how to take hold of it.
Amid fearful times under a tyrannical monarchy, Esther and Mordecai could not see how every detail of God’s redemptive plan would unfold for the Jewish people. Yet, they trusted in the One whose providential purposes could not be stopped, even by the most powerful rulers of their day. This 7-day study on the book of Esther explores how our heavenly King works all things for the good of His people.
9 Days
The book of Esther is set during the period of exile when God's people are scattered across the Persian empire. As nefarious men plot against the Jews, Esther reminds us that even in dark days God is providentially guiding and protecting His people.
10 Days
In this 10-part devotional, Pastor Dylan Dodson teaches through the book of Esther. This plan will encourage you to trust in God’s providence, even when you can’t see him working.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ