එස්තර් 8:1-3
එස්තර් 8:1-3 SCV
අහෂ්වේරොෂ් රජ එදින ම, යුදෙව්වරුන්ගේ හතුරා වූ හාමාන්ගේ ගේ-දොර එස්තර් බිසවට දුන්නේ ය. මොර්දෙකයි රජු ඉදිරියට පැමිණියේ ය. මන්ද ඔහු තමාට කවුරුන්දැයි, එස්තර් පවසා තිබිණි. රජු හාමාන්ගෙන් ආපසු ලබාගෙන තිබූ පේරැස් මුද්ද ගලවා, මොර්දෙකයිට පිළිගැන්වී ය. එස්තර්, හාමාන්ගේ ගේ-දොර භාරකාරත්වය ඔහුට පැවරී ය. එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය.

